මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පාකිස්තානයේ පෝලියෝ රෝගය සඳහා වන ඉස්ලාමාබාද් ජාතික සෞඛ්‍ය ආයතනය සමඟ එක්ව ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දකුණුදිග කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ දරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් බහුතරයක්ම පෝලියෝ ධනාත්මක බවට තහවුරු වී ඇති බවය.
පසුගිය වසර කිහිපය පුරා මුඛ මාර්ගයෙන් ලබා දෙන මිලියන 300කට අධික පෝලියෝ එන්නත් ප්‍රමාණයක් සැපයීමට පාකිස්තාන සෞඛ්‍ය බලධාරින් කටයුතු කළද, එරට විවිධ ප්‍රාන්තවල තත්ත්වය තවමත් බරපතළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.