ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි එංගලන්තයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කුත්, දින 91ක් වූ අතර, ලොව වයස්ගතම මිනිසාගේ වාර්තාවට හිමිකම් කී වෙනිසියුලාවේ ජුවාන් විසෙන්ට් පෙරෙස් පසුගිය අප්‍රේල් මාසයේදී මෙලොවින් සමුගැනීමෙන් පසු ජෝන් ඇල්ෆ්‍රඩ් එම වාර්තාවට හිමිකම් කී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ලන්ඩන් නුවර නිව්සවුත්පෝර්ට් වැඩිහිටි නිවාසයක වාසය කළ ජෝන් ඇල්ෆ්‍රඩ් සුප්‍රකට ටයිටැනික් නෞකාව මුහුදුබත්වූ 1912 වසරේ උපන් අතර ලොව ජීවත්ව සිටින වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදිය.