මිස්ටර් වර්ල්ඩ් (Mr:World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ , මේඝ සූරියආරච්චි ඊයේ (26) මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තරගාවලියේ දී මෙරට කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වූ මේඝ සූරියආරච්චි , මෙම ලෝක මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට ඉදිරිපත් වී තිබේ .
මෙම තරගාවලියේ දී අවසන් දස දෙනා අතරට තේරී පත් වීම ශ්‍රී ලංකාව මෙවැනි තරගාවලියක දී ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය බව මේඝ කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
මීට අමතරව මෙම තරගාවලියේ දී හොදම ඇදුම් නිර්මාණයට හිමි සම්මානයත් , මෙම තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කර ගත් තරුණයාට හිමි සම්මානයත් දිනා ගත් මේඝ සූරියආරච්චි ආසියාවේ කඩවසම් තරුණයන් අතරින් දෙවන ස්ථානයත් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .
මෙම ජයග්‍රහණ හිමි කර ගත් මේඝ සූරියආරච්චි ඊයේ මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා සංගීතා වීරරත්න , ඔහුගේ ප්‍රධාන රූපලාවණ්‍ය උපදේශක ධනංජය බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .