මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩාවේ මෙරට මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර සුහද හමුවක් ඉකුත් 22 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවත්විණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කැනඩා මහකොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදි.