චීන-සිංගප්පූරු සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක්චී-න ජනපති කියයි

චීනය සමග සහයෝගිතා පවත්වා ගැනීමේ ප්‍රමුඛයා ලෙස සිංගප්පූරුව අඛණ්ඩව කටයුතු කිරීම පිළි ගන්නා බව
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය Lee Hsien Loong මහතා හමු විය.

Suzhou කර්මාන්ත උද්‍යානය සංවර්ධනය කිරීමේ 30 වැනි සංවත්සරය මේ වසරට යෙදෙයි. ගෙවුණු වසර 30ක කාලය තුළ එම උද්‍යානය ‘ජලාශවලින් පිරී පැවති ස්ථානයක’ සිට අද වනවිට නවෝත්පාදන කලාපයක් බවට පත්ව දෙරට අතර සහයෝගීතාවේ විචිත්‍ර ආදර්ශයක් නිර්මාණය කර ඇත. එය සිංගප්පූරුව චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයට ගැඹුරු ලෙස එක්වීමේ සාක්ෂියක් බවද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

චීනය සමග සහයෝගිතා පවත්වා ගැනීමේ ප්‍රමුඛයා ලෙස සිංගප්පූරුව අඛණ්ඩව කටයුතු කිරීම චීනය පිළිගනී. දෙපාර්ශ්වය ඉහළ මට්ටමක වැදගත් සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඩිජිටල්කරණය මෙන්ම හරිතකරණයේ සංවර්ධන අවස්ථා ද ප්‍රයෝජනයට ගනිමින් නව යුගයේ චීන-සිංගප්පූරු සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

සිංගප්පූරුව සමග එක්ව සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් ආර්ථීක ගෝලීයකරණයේ ප්‍රවණතාවට ගැලපෙන ලෙස කටයුතු කිරීම චීනයේ අපේක්ෂාවයි. එමෙන්ම ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය සහතික කර කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීමට විරෝධය පළ කරමින් පොදු ඉරණමක් සහිත ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සිංගප්පූරුව සමග එක්ව ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

චීනය අඛණ්ඩව සංවර්ධනය හා සමෘද්ධිය පවත්වා ගනිමින් ලෝක සාමය හා සංවර්ධනයට වඩා වැඩි දායකත්වයක් ලබා දීම පිළිබඳව සිංගප්පූරුව විශ්වාසය පළ කරන බව Lee Hsien Loong මහතා පැවසීය. චීනය සමග සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණ ක්‍රියාදාමයට සිංගප්පූරුව සක්‍රිය ලෙස එක්වනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.