කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (27) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

නුවරඑලිය සහ ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත්  අධික වැඩි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටියි.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.