පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 162ක්ම නවකයන් වීම දස වැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදි පැවසුවාය. සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරුන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහලේකම් තවදුරටත් පැවසිය.
මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළ අතර කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේය.
කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, සභානායක ඇමැති බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු නවක මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.