මන්ත්‍රී අර්චුනාගේ සමාජ මාධ්‍ය ප්‍රකාශ ගැන තීර­ණ­යක් ගන්නවා-කථා­නා­යක ආචාර්ය අශෝක රන්වලඅසේල කුරු­ළු­වංශ

ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාම­නා­දන් සමාජ මාධ්‍ය ඔස්සේ කර තිබෙන ප්‍රකාශ පිළි­බඳ පුළුල් අධ්‍ය­ය­න­යක් කරන බවත් ඔහුගේ ක්‍රියා­ක­ලා­පය සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් කරන්නේ ද යන්න පිළි­බඳ මීළඟ සභා­වා­රයේ දී සියලු මන්ත්‍රී­ව­රුන්ගේ අද­හස් විම­සී­මෙන් තීර­ණ­යක් ගන්නා බවත් කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල මහතා පව­සයි.

තනි පුද්ග­ල­යෙක් ලෙස මන්ත්‍රී­ව­රයා කර තිබෙන ප්‍රකා­ශය සමඟ ඔහු නියෝ­ජ­නය කරන ප්‍රදේ­ශයේ ජන­තා­වගේ අභි­ලා­ෂය සම­පාත නොවන බවත් පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණයේ දී උතුරේ ජන­තාව ඡන්දය ප්‍රකාශ කළ ආකා­ර­යෙන් එය පැහැ­දිලි වන බවත් ඒ මහතා කීය. මහ­නු­වර දී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් කථා­නා­ය­ක­ව­රයා මේ බව පැව­සු­වේය. රාම­නා­දන් මන්ත්‍රී­ව­රයා විපක්ෂ නායක අසුනේ වාඩි වී යම් ආන්දෝ­ල­නා­ත්මක හැසි­රී­මක් ප්‍රකට කර තිබෙන්නේ කථා­නා­ය­ක­ව­රයා පත්කර ගැනීමේ නිල කට­යුතු ආර­ම්භ­වී­මට ප්‍රථ­මව යැයි ද හෙතෙම අව­ධා­ර­ණය කළේය. මහ­ජන නියෝ­ජි­ත­යකු පාර්ලි­මේ­න්තුව තුළ සිදු කරන හැසි­රීම තුළින් ජන­තා­වට ප්‍රකට කරන්නේ තමන් තුළ ඇති විනය, ශික්ෂ­ණය හා හැදි­යාව බවත් යම් කෙනෙක් එය ඒ ආකා­ර­යෙන් පවත්වා ගැනී­මට අස­මත් වන්නේ නම් එය බර­ප­තළ ප්‍රශ්න­යක් බවත් කථා­නා­ය­ක­ව­රයා පැව­සු­වේය.

මෙහි දී යම් සදා­චාර විරෝධී ක්‍රියා­වක් සිදුව ඇත්නම් ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් කළ යුතු බවත් අභි­නව සභා­වා­රයේ පූර්ව කට­යු­ත්තක් ලෙස සිදුව තිබෙන මෙම ක්‍රියාව පිළි­බඳ තීර­ණ­යක් ගත හැකි වන්නේ විධි­මත් පරී­ක්ෂ­ණ­ය­කින් පසුව බවත් රන්වල මහතා කීවේය.

පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල අනුව නිරූ­ප­ණය වන ජන­ව­රම තුළ නිරූ­ප­ණය වන්නේ ගෞර­ව­නීය පාර්ලි­මේ­න්තු­වක් යන්න බවත් සාමූ­හි­කව තීන්දු තීරණ ගැනීම ඔස්සේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ ගුණ මෙර­ටින් ලෝක­යට පෙන්වා­දිය හැකි ආකා­රයේ පාර්ලි­මේ­න්තු­වක් නිර්මා­ණය කර ගැනීමේ වග­කීම සියලු මහ­ජන නියෝ­ජි­ත­යන්ට පැව­රෙන බවත් කථා­නා­ය­ක­ව­රයා ප්‍රකාශ කළේය.