ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇතිවූ ජලගැලීමෙන් සේරුවිල, තඹලගමුව, වෙරුගල් හා මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 119කට අයත් 324ක පිරිසක් පීඩාවට ලක්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (25) පැවසීය. ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස දෙකකට අර්ධ හානි සිදු වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ කේ. සුගුණදාස් මහතා පැවසීය. බලපෑමට ලක්වූ පවුල් 91කට අයත් 226ක පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි ද නියෝජ්‍ය අධ්යක්ෂවරයා කීය. කොටසක් බලපෑමට ලක්වූ නිවාසවල රැඳී සිටින බව ද අධ්යක්ෂවරයා කීය.
මේ අතර ජලගැලීම් හේතුවෙන් කන්තලේ හා සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඹුරු රැසක් ජලයෙන් යට වී ඇති අතර දින කිහිපයක් ජලයෙන් කුඹුරු යටවුවහොත් වගා විනාශවීමේ අවදානමකට ලක්වන බව ගොවීහු පැවසූහ.