ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්-අග­මැති මෝදි G20 සමු­ළු­වේදී කියයි

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව නිර­තු­රු­වම සෙසු රට­වල් සමඟ අත්වැල් බැඳ­ගන්නා බවත් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි G20 ජාත්‍ය­න්තර සමු­ළු­වේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව ප්‍රබ­ල­තම රට­වල් 22ක රාජ්‍ය නාය­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පසු­ගිය සතියේ දෙදි­නක් පුරා බ්‍රසී­ලයේ රියෝද ජැන­යිරෝ නුවර පැවැති එම සමු­ළුවේ සිය දේශ­නය අත­ර­තුර ඉන්දීය අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ දරි­ද්‍ර­තාව හා කුස­ගි­න්නට එරෙ­හිව සටන් කරන රට­වල් අත­රින් ගෝලීය දකුණේ ප්‍රමු­ඛ­තම රට ඉන්දි­යාව බවය. එමෙන්ම එරට  පසු­ගිය වසර 10 ඇතු­ළත මෝදි රජය මිලි­යන 250ක ජන­තාව දරි­ද්‍ර­තා­ව­යෙන් මුදා ගැනී­මට පිය­වර ගත් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා  සිය දේශ­න­යේදී සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. බ්‍රසීල ජනා­ධි­පති ලුලා ද සිල්වාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මෙවර G20 සමු­ළු­වට ආජෙ­න්ටි­නාව, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව, ප්‍රංශය, චීනය, ඉන්දු­නී­සි­යාව, ඉතා­ලිය, ජපා­නය, මෙක්සි­කෝව, දකුණු අප්‍රි­කාව, රුසි­යාව, සෞදි අරා­බිය, දකුණු කොරි­යාව, තුර්කිය, බ්‍රිතා­න්‍යය, අමෙ­රි­කාව නියෝ­ජ­නය කර­මින් රාජ්‍ය නාය­ක­යන් හා නියෝ­ජි­ත­යන් මෙන්ම යුරෝපා හවුලේ හා අප්‍රි­කානු සංග­මයේ නියෝ­ජි­ත­යන්ද,  ආරා­ධිත රට­වල් රැසක රාජ්‍ය නාය­ක­යන් හා නියෝ­ජි­ත­යන් ද සහ­භාගි වූ බව වාර්තා වේ.