කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි.
2020 වසරේදී අවසන්වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටලු විසඳා ගැනීම සඳහා විෂය භාර ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවෙයි.
ඊයේ පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ වන විට තමන් මුහුණ දෙමින් සිටින විවිධ ගැටලුවලට විසඳුම් සොයා පැමිණියහ.
මෙහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ විවිධ ප්‍රශ්න හා ගැටලුවලින් කොටසක් සඳහා සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ප්රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ක්ෂණික විසඳුම් ලබාදුන් අතර ඉදිරිපත් වූ ඇතැම් ගැටලු අදාළ වගකිවයුතු ආයතන වෙත ඉදිරිපත් කර විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
මෙම මහජන දිනය සඳහා අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් රැසක් සහභාගි වූහ.