ශ්‍රී ලංකාවේ චීන තානා­පති ඇතුළු චීන රජයේ නියෝ­ජිත පිරිස සහ ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක්

චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ අන්ත­ර්ජා­තික දෙපා­ර්ත­මේ­න්තුවේ උප ඇමැ­තිනී Sun Haiyan මහ­ත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානා­පති Qi Zhenhong ඇතුළු චීන රජයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් හා ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක් ජවිපෙ ප්‍රධාන කාර්යා­ල­යේදී පෙරේදා (24) පස්ව­රුවේ පැවැ­ත්විණි.

මේ අව­ස්ථා­වට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහ­ත්ව­රුද සහ­භාගි වූහ.

දීර්ඝ කාල­යක් තිස්සේ චීන කොමි­යු­නිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර පව­තින දේශ­පා­ලන මිත්‍ර­භා­වය පිළි­බ­ඳ­වත් ඉදිරි ආණ්ඩුවේ කට­යුතු සම්බ­න්ධ­යෙ­නුත් මෙහිදී අව­ධා­නය යොමු විය.

මේ අතර චීන නියෝ­ජිත පිරිස ජාතික ජන බල­වේ­ගයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය නිහාල් අබේ­සිංහ මහතා සහ ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­රු පිරි­සක් හමු­වූහ.