ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට නවතම අරුතක් එක් කරමින් ආබාධිත රණවිරුවන්ගෙන් සමන්විත ප්රථම වරට සංවිධානය කරන ලද රෝද පුටු ක්රිකට් තරගාවලියේ ශූරතාව ශ්රී ලංකා රෝද පුටු පදනම කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාව වෙන්නප්පුව විලෝ රෝද පුටු කණ්ඩායමට හිමි වූ අතර, තුන්වන ස්ථානය වවුනියාවේ උතුරු පළාත් රෝද පුටු ක්රිකට් කණ්ඩායමට හිමි විය. තරගාවලියේ ශූරයා ලෙස ශ්රී ලංකා රෝද පුටු ක්රිකට් පදනමේ සරත් ගලහිටියාව සම්මානයට පත්ර විය.
ශ්රී ලංකා රෝද පුටු ක්රිකට් පදනමේ නිර්මාතෘ සුලෙයින් බෙගම් මහත්මිය විසින් රටපුරා වෙසෙන ආබාධිත රණවිරුවන් හා ආබාධිත සිවිල් පුරවැසියන් ඒකරාශී කරගෙන රජයේ කිසිදු අනුග්රහයක් නොමැතිව ශ්රී ලංකා රෝද පුටු ක්රිකට් පදනම පිහිටුවා ඇත.