නව අමා­ත්‍යාංශ දෙක­කට ලේක­ම්වරු දෙදෙ­නෙක් ජන­පති ලේකම් අතින් පත්වීම් ලබති

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් නව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් දෙදෙ­නෙකු පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා විසින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (25) පිරි­නැ­මිණ.‍ ඒ අනුව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා  අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රිය ලෙස ජනා­ධි­පති නීතිඥ අයෙෂා ජින­සේන මෙණෙ­විය ද, ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස මල­ර්මතී ගංගා­ධ­රන් මහ­ත්මිය ද පත් කර ඇත.