ගෝලීය ගැටුම් හේතුවෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බුදය ගෝලීය දකුණේ රටවල් සඳහා වඩාත් අහිතකර ලෙස බලපාන බවත්, දරිද්‍රතාවට එරෙහිව ගෝලීය සන්ධානයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව නිරතුරුවම සෙසු රටවල් සමඟ අත්වැල් බැඳගන්නා බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි G20 ජාත්‍යන්තර සමුළුවේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව ප්රබලතම රටවල් 22ක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ දෙදිනක් පුරා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැති එම සමුළුවේ සිය දේශනය අතරතුර ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දරිද්‍රතාව හා කුසගින්නට එරෙහිව සටන් කරන රටවල් අතරින් ගෝලීය දකුණේ ප්‍රමුඛතම රට ඉන්දියාව බවය. එමෙන්ම එරට පසුගිය වසර 10 ඇතුළත මෝදි රජය මිලියන 250ක ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට පියවර ගත් බවත් ඉන්දීය අගමැතිවරයා සිය දේශනයේදී සඳහන් කර ඇතැයි වාර්තා වේ. බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙවර G20 සමුළුවට ආජෙන්ටිනාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, චීනය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව, තුර්කිය, බ්‍රිතාන්‍යය, අමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් මෙන්ම යුරෝපා හවුලේ හා අප්‍රිකානු සංගමයේ නියෝජිතයන්ද, ආරාධිත රටවල් රැසක රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වේ.