වැස්සත් සමඟ බදුල්ලේ මාර්ග රැසක නාය­යෑම් යළි සක්‍රිය වෙනවා-දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ සහ­කාර අධ්‍යක්ෂ

බදුල්ල දිස්ත්‍රි­ක්කය පුරා මේ දින­වල දවස පුරා පව­තින වර්ෂා­වත් සමඟ මාර්ග කිහි­ප­යක නාය­යෑම් සක්‍රිය වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම් උද­ය­කු­මාර මහතා  පැව­සීය. පස්සර, ලුණු­ගල 13 කණුව ප්‍රදේ­ශය, පස්සර, මඩො­ල්සිම මාර්ගයේ ඩුමා හන්දිය ආදී ප්‍රදේ­ශ­වල නිතර නාය යෑම් සිදු­වන බවත්, මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මාර්ගය පිළි­ස­කර කිරීමේ කට­යු­තු­වල නිර­තව සිටින බවත් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය පව­සයි.

බදුල්ල – පස්සර, පස්සර – මඩො­ල්සිම, ඇකි­රිය – පිට­මා­රුව, ඇල්ල -වැල්ල­වාය, ඇට­ම්පි­ටිය – වැලි­මඩ, බෙර­ගල – හපු­තලේ මාර්ග සහ තේ වතු ආශ්‍රිත මාර්ග, දැඩි බෑවුම් සහිත මාර්ග සවස් කාලයේ  ඝන මීදු­මෙන් වැසී  තිබීම නිසා  රිය අන­තුරු සිදු­වීමේ අව­දා­න­මක් තිබෙන හෙයින් ප්‍රවේ­ස­මෙන් නිසා පරි­ස්ස­මින් රිය පද­වන ලෙසත් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය රියැ­දු­ර­න්ගෙන් ඉල්ලා සිටියි.

මේ මාර්ග­ව­ලට ඉහ­ළින් ඇති කඳු ප්‍රදේ­ශ­ව­ලින් නිතර ගල් හා  පස්කඳු කඩා වැටී දවස පුරාම මාර්ග අව­හිර වෙන අව­ස්ථා­ව­ලදි දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ  ස්ථාපිත කර තිබෙන විශේෂ ආපදා  සහන කමි­ටු­වක මූලි­ක­ත්ව­යෙන් මාර්ගය යථා තත්ත්ව­යට පත් කර­මින් පාසල් දරු­වන් ඇතුළු මගී ජන­තා­වට බාධා­ව­කින් තොරව ගමන් බිමන් යෑමට අව­ස්ථාව සලසා  දී තිබේ.

ගමේ­වල මාර්ගය අව­හිර වී ඇති අයුරු

ගමේ­වල මාර්ගය අව­හිර වී ඇති අයුරු

මාර්ග මීදු­මෙන් වැසී ඇති අයුරු