මල්ලිකා සාගර් අයි­පී­එල් සල්ලි ආක­රය කල­ඹයි

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ දැවැන්ත වෙන්දේ­සිය මෙහෙ­ය­වීම භාර වූයේ කාන්තා­ව­ක­ටය. ලියා­ප­දිංචි ක්‍රීඩ­ක­යින් 1574 දෙනෙකු අතු­රින් මෙගා වෙන්දේ­සිය සඳහා තෝරා­ගත් ක්‍රීඩ­ක­යින් 577ක් ඊයේ සහ පෙරේදා ඇයගේ මෙහෙ­ය­වී­මෙන් ‍අ‍ලෙවි විය.

සෞදි අරා­බියේ රියාද් නුව­රදී නිමාවූ ලොව ධන­වත්ම ෆ්‍රැන්ච­යිස් ක්‍රිකට් තර­ගා­ව­ලියේ කාන්තා වෙන්දේ­සි­කා­රිය බවට යළිත් පත්වූ ඇය නමින් මල්ලිකා සාගර් වේ. සාගර් පසු­ගිය අයි­පී­එල් තර­ගා­ව­ලි­යේදී ද පළමු වෙන්දේ­සි­කා­රිය‍ගේ භූමි­කාව සාර්ථ­කව ඉටු කළාය.

ඉන්දි­යාවේ මුම්බායි හි ව්‍යාපා­රික පවු­ලක උපත ලබා ඇති ඇය එක්සත් ජන­ප­දයේ කලා ඉති­හා­සය පිළි­බඳ උපා­ධි­යක් ලබා ගත්තාය. කලා නිර්මාණ වෙන්දේසි කිරීමේ වසර 26ක සාර්ථක වෘත්තීය ජීවි­ත­යෙන් පසු, ඇය ඉන්දීය ප්‍රිමි­යර් ලීග් වෙන්දේසි වේදි­කා­වට පැමි­ණි­යාය.

මල්ලිකා සාගර්ගේ ශුද්ධ වත්කම ඩොලර් මිලි­යන 15ක් පමණ වන බව වාර්තා සඳ­හන් කරන අතර, ඇය ඉන්දීය ප්‍රෝ කබඩි ලීගයේ ක්‍රීඩා වෙන්දේ­සි­කා­රි­යක ලෙස සිය මංගල වෙන්දේසිය ආරම්භ කළාය.