බොට්ස්වානා බැඩ්මි­න්ටන් තරග බිමේදී හසි­නිට සහ හසා­රාට යුගල රන් පද­ක්කම්

ශ්‍රී ලාංකික ක්‍රීඩි­කා­වන් දෙදෙ­නකු ලෝක බැඩ්මි­න්ටන් සම්මේ­ලන තර­ගා­ව­ලි­යක යුගල ශූර­තාව දිනා­ගත් පළමු අව­ස්ථාව ඉති­හා­ස­යට එක් කර­මින් හසාරා විජේ­රත්න සහ හසිනි අම්බ­ල­න්ගො­ඩගේ බොට්ස්වානා ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශූර­තා­ව­ලියේ කාන්තා යුගල ශූර­තාව දිනා ගැනී­මට සම­ත්වූහ. බොට්ස්වානා  හි ඔට්සේ පොලිස් විදු­හල් ගෘහස්ථ ජිම්නා­ස්ටික් ක්‍රීඩා සංකී­ර්ණයේ පැවැති මේ ශූර­තා­ව­ලියේ කාන්තා යුගල අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබූ හසාරා සහ හසිනි තියුණු තර­ග­ය­කින් පසු ලකුණු 21-18ක් සහ 22-20ක් ලෙස ලෝක බැඩ්මි­න්ටන් සම්මේ­ලන කාන්තා යුගල ශ්‍රේණි­ගත කිරී­ම්වල 72 වැනි ස්ථානයේ පසු­වන දකුණු අප්‍රි­කාවේ ඇමී ඒක­ර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් පරා­ජය කර­මින් රන් පද­ක්කම දිනා ගත්හ. මේ ජය­ග්‍ර­හ­ණය ඉති­හා­ස­යට එක්වූයේ ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් තර­ගා­ව­ලි­ය­කදී ශ්‍රී ලාංකික ක්‍රීඩි­කා­වන් දෙදෙ­නකු විසින් අත්කර ගනු ලැබූ ඉහ­ළම ජය­ග්‍ර­හ­ණය ලෙසිනි.

පසු­ගි­යදා සැම්බි­යාවේ පැවැති ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශූර­තා­ව­ලි­යේදී ද කාන්තා යුගල රිදී පද­ක්කම දිනා ගත් හසිනි අම්බ­ල­න්ගො­ඩගේ සහ හසාරා විජේ­රත්න සිය රන් පද­ක්කමේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු දකුණු අප්‍රි­කානු ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශුර­තා­ව­ලි­යට සහ­භා­ගි­වී­මට නිය­මි­තය. එම තර­ගා­ව­ලිය මේ මස 28 වැනිදා සිට දෙසැ­ම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ.