පොහොර සහ­නා­ධා­ර­යට බිලි­යන 5.9ක් ගොවි ගිණු­ම්ව­ලට

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහ­නා­ධා­රය ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ වන විට රුපි­යල් බිලි­යන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරී­මට පිය­වර ගත් බව ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල් යූ.බී. රෝහණ රාජ­පක්ෂ මහතා සඳ­හන් කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී ගොවීන් හය­ලක්ෂ දොළො­ස්ද­හස් දෙසිය හත­ළිස් අට­කට(612,248) හිමි­වන අතර වගා කෙරෙන කුඹුරු හෙක්ට­යාර ප්‍රමා­ණය 468, 869කි.

පොහොර සහ­නා­ධා­රය සඳහා මහා භාණ්ඩා­ගා­ර­යෙන් අව­ස­න්ව­රට ඉල්ලා ඇති මුදල රුපි­යල් මිලි­යන 1479කි. එම මුද­ලද අද(26) දින හිමි­වනු ඇතැ­යිද ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා කියයි. මෙම පොහොර සහ­නා­ධා­රයේ වැඩිම ප්‍රති­ලා­භීන් අම්පාර දිස්ත්‍රි­ක්ක­යෙන් වාර්තා වන අතර ලබා දී ඇති මුදල රුපි­යල් කෝටි 43.29කි. වැඩිම ප්‍රති­ලා­භීන් දෙවැනි ස්ථාන­යට වාර්තා­වන්නේ මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්ක­යෙනි. සංඛ්‍යාව ලබා දී ඇති මුදල රුපි­යල් කෝටි 25.78 කි.

පොහොර සහ­නා­ධා­රය රුපි­යල් 25,000 දක්වා ඉහළ නැංවී­මට වත්මන් රජය කට­යුතු කළ අතර මුල් අදි­යර යටතේ රුපි­යල් 15,000ක් ද දෙවැනි අදි­යර යටතේ රුපි­යල් 10,000ක්ද ලබා දෙන ලදි. ඒ අනුව රුපි­යල් 25,000 බැගින් පොහොර සහ­නා­ධාර සම්පූ­ර­ණ­යෙන්ම ලබා­දුන් ගොවීන් සංඛ්‍යාව 217, 985කි. ලබා දී ඇති සම්පූර්ණ මුදල රුපි­යල් කෝටි 177.6කි. වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර 175,616කි.

ප්‍රථම අදි­යර යටතේ හිමි­වන රුපි­යල් 15,000ක මුදල පම­ණක් මේ වන විට හිමිවී ඇති ගොවීන් සංඛ්‍යාව 228, 866කි. ලබා දී ඇති මුදල රුපි­යල් කෝටි 268.34කි.වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර 178,898කි. ඒ අනුව රුපි­යල් 25,000ක් බැගින්වූ රජයේ පොහොර සහ­නා­ධා­රය සම්පූ­ර්ණ­යෙන්ම සහ රුපි­යල් 15,000ක ප්‍රථම අදි­යරේ මුදල්, ගොවි ගිණුම් සඳහා බැර වූ ගොවීන් සංඛ්‍යාව 446, 851කි. මුදල රුපි­යල් බිලි­යන 4.45කි. වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර 354,514කි.

ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල් යූ .බී.රෝහණ රාජ­පක්ෂ මහතා පෙන්වා දෙන්නේ මහ කන්නයේ වී වගාව ආරම්භ කළ බවට ගොවීන් දැනුම් දුන් විග­සම මෙම පොහොර සහ­නා­ධා­රය සඳහා වූ මුදල් ගොවීන්ට නිකුත් කරන බවයි. රුපි­යල් 10, 000 බැගින් වූ පොහොර සහ­නා­ධා­රයේ දෙවන අදි­යර මේ වන විට ගොවීන් වෙත නිකුත් කර­මින් පව­ති­නවා. රජයේ පොහොර සහ­නා­ධා­රය ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ කෙරෙන අසත්‍ය ප්‍රචා­ර­ව­ලට නොරැ­ව­ටෙන ලෙස මා ගොවි ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කර­නවා.’යැයිද ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.