දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත්රික්කය – බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කය – පාතදුම්බර, යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කය – යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්රික්කය – රත්තොට, නාවුල, උකුවෙල, ලග්ගල පල්ලේගල, මාතලේ, මාතර දිස්ත්රික්කය – පිටබැද්දර, නුවරඑළිය දිස්ත්රික්කය – අඹගමුව කෝරළය, රත්නපුර දිස්ත්රික්කය – පැල්මඩුල්ල, ඉඹුල්පේ, කහවත්ත, ඕපනායක, රත්නපුර, බලංගොඩ යන ප්රදේශවලට අදියර 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
බදුල්ල දිස්ත්රික්කය – මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්රික්කය – දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්රික්කය – විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්රික්කය – හඟුරක්කෙත, වලපනේ යන ප්රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ ‘අවදානයෙන් සිටින්න’ ලෙස නිවේදනයක් නිකුත් කර ඇත.