අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය මත ඊයේ (25) ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබුණි.
මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගේ උපදෙස් මත මාතර ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන් හමුදාව සහ පොලීසියේ සහාය ලබාගෙන විශේෂ බෝට්ටු සහ හමුදාව මඟින් ආරක්ෂිත රථ යොදවමින් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණි.
දියලපේ, මලිදුව, පානදුගම, හෝන්දුගොඩ, බළකාවල, තිබ්බොටුවාව මාර්ග යටවී ඇති ස්ථානවලට මේ සේවාවන් යොදවමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණි. කේ.ජී.ඩී. අනෝජා, නිරෝෂා ගමගේ, උමේෂා මාතරගේ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත යූ.ජී. සම්පත්, තීක්ෂණ වික්‍රමරත්න, ඩී.එස්.ආර්. වසන්ති යන ආපදා සහන සේවා නිලධාරීහු දැඩි කැපවීමකින් විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මේ විශේෂ සේවාවන් සැපයූහ.