ඉල් විරු­වන් ගොඩ­නැඟූ පක්ෂ­යක් නොති­බුණා නම් ජනතා ආණ්ඩු­වක් බිහි­වන්නේ නැහැ-35 වැනි ඉල් විරු සැම­රුම වෙනු­වෙන් වෛද්‍ය නලින්ද ජය­තිස්ස කියයි

ඉල් විරු­වන් ගොඩ­නැඟූ සංවි­ධා­නා­ත්මක, ධෛර්ය සම්පන්න, කැප­කි­රීම් කරන පක්ෂ­යක් නොති­බුණා නම් මෙරට පාල­ක­යන් අසා­ර්ථක වූ විට ජනතා ආණ්ඩු­වක් බිහි­නො­වන බව සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ 35 වැනි ඉල් විරු සැම­රුම වෙනු­වෙන් පෙරේදා (23) ලන්ඩන් නග­රයේ පැවැත්වූ උත්ස­ව­ය­කට සූම් තාක්ෂ­ණය ඔස්සේ එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා  ඉරා­කය, බංග්ලා­දේ­ශය, කෙන්යාව වැනි රට­වල ජන­තා­වට කළ නොහැකි වූ දෙයක් අපෙ රටට කළ හැකි වූයේ මේ ව්‍යාපා­රය නිසා බව ද වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

සුභා­ෂිණී ලෝග­නා­දන් මහ­ත්මිය වැඩි­දු­ර­ටත් මෙසේ පැව­සීය.

“මේක විශේෂ ඉල් සම­රු­වක්. ශත වර්ෂ ගණ­නා­වක් පුරා සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව අපේ රටේ එකට ජීවත් වෙනවා. හැබැයි අපි ඉති­හා­සයේ කව­දා­වත් අහලා නෑ මේ හැමෝම එකට එකතු වෙලා, මහන්සි වෙලා ලැබූ ජයක් ගැන. ඉති­හාසෙ පළමු වතා­වට පහු­ගිය 14 වැනිදා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා අපේ රට විනාශ කළ ප්‍රභූ පවුල් පාල­නය සහ ඔවුන් සමඟ වර­ප්‍ර­සාද තන­තුරු වෙනු­වෙන් එකතු වෙලා ජන­තාව පාවා­දුන් දෙමළ, මුස්ලිම් ප්‍රභූ දේශ­පා­ල­නය අව­සන් කළා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනි­සුන්ගේ ආණ්ඩු­වක් බිහි­කළා. මීට කලින් අපේ දමිළ සහෝ­දර සහෝ­ද­රි­යන් අර­ගල කළේ දෙමළ ජන­තා­වගේ විමු­ක්තිය වෙනු­වෙන් පම­ණයි. හැබැයි, උතුරෙ නැඟෙ­න­හිර ජීව­ත්වන දෙමළ කතා කරන ජන­තාව සම­හර විට නොද­න්නවා ඇති මීට අවු­රුදු 35කට කලින් දකුණේ මහා තරුණ සංහා­ර­යක් වුණා. ඔවුන් සටන් කළේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝ­ගෙම විමු­ක්තිය වෙනු­වෙන්. අපි හැමෝ­ටම සතු­ටින් සාම­යෙන් ජීවත් විය හැකි ලස්සන රටක් ,ලෝක­යක් ගොඩ­නැ­ඟීම වෙනු­වෙන්. එහෙම සටන් කළ, අර­ගල කළ තරුණ තරු­ණි­යන් 60,000ක් කෲර පාල­ක­යන් ඝාත­නය කළා. සමූහ මීනී­වල වළ දැම්මා. පාල­ක­යන් හිතුවා එතැ­නින් අර­ග­ලය අව­සන් කියලා. නමුත් පාල­ක­යන් දැන­ගෙන හිටියෙ නෑ මේ බිම හරි සරු බිමක් බව. මේ අසා­ධා­රණ ක්‍රම­යට විරු­ද්ධව ඔවුන් වළ දාපුවා ආයෙ පැළ වෙනවා ඵල දර­නවා කියලා. ඒ නොවැ­ම්බර් විරු­වන් වීර­ව­රි­යන්ගෙ ආද­ර්ශ­යන් කැප­කි­රී­ම්ව­ලින් පන්න­රය ලැබූ ජනතා විමුක්ති පෙර­මුණ ප්‍රමුඛ ජාතික ජන බල­වේ­ග­යට පුළු­වන් වුණා එකි­නෙකා දෙස සැකෙන් බැලූ ජාති­ක­ත්ව­ව­ලට අයිති පොදු ජන­තාව එක මිට­කට එකතු කරන්න. මේ 76 වස­රක් දූෂිත කුරිරු පාල­නය විරු­ද්ධව. ඒ යහ­පත් සිහි­නය දකි­මින් මිය ගිය සහෝ­දර සහෝ­ද­රි­යන්ට කළ හැකි ඉහ­ළම සැම­රීම ඔවුන් ප්‍රාර්ථනා කළ රට ගොඩ­නැ­ඟීම බව මගේ හැඟී­මයි.

අපි අහලා තිය­නවා, ඒ අර­ග­ලයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය බව. විජේ­වීර, ගම­නා­යක සහෝ­ද­ර­ව­රුන් වගේම රංජි­තම් වගේ දමිළ සහෝ­ද­ර­ව­රුන්, මොහො­මඩ් නිෂ්මි වගේ මුස්ලිම් සහෝ­ද­ර­ව­රුන් ඒ අර­ග­ලයේ ඉදි­රි­යන්ම ඉඳලා ජීවිත පරි­ත්‍යාග කළා. ඉතින්, ඔවුන් පෙන්වූ ජාතික සම­ගියේ ආදර්ශ අපි ගන්න ඕනෙ. බලය අහිමි වූ පරා­ජිත සිංහල, දමිළ, මුස්ලිම් දූෂිත පාල­ක­යන් ඉදි­රි­යේදී බලය වෙනු­වෙන් නැවත ජාති­වා­දය අවු­ස්සන්න විවිධ උප­ක්‍රම යොදා ගනීවි. මම මගේ ආද­ර­ණීය ජන­තා­ව­ගෙන් ඉල්ල­නවා, ඔවුන්ගේ උගු­ල්ව­ලට අහු­වෙන්න එපා. ඉල් විරු­වන්ගේ ආදර්ශ අරන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව එකට එකතු වෙලා මේ අර­ග­ලය ජය­ග්‍ර­හ­ණ­යෙන් කෙළ­වර කරමු. උතුර, දකුණ, නැඟෙ­න­හිර, බට­හිර, කඳු­කරේ හැමෝ­ටම ලස්සන ජීවි­ත­යක් උරුම වන පොහො­සත් රටක් වෙනු­වෙන් කැප­වී­මෙන් සහ විශ්වා­ස­යෙන් වැඩ කරමු.”

එහි සමරු දේශ­නය කළ ජනතා විමුක්ති පෙර­මුණේ එක්සත් රාජ­ධානී කමි­ටුවේ තුසිත රණ­සිංහ මහතා මෙසේ පැවැ­සීය.

“අපි මේ 35 වැනි ඉල් සම­රුව සම­රන්නේ ඓති­හා­සික අව­ස්ථා­වක. ශ්‍රී ලංකා­වෙන් ලෝක වාමාං­ශික ව්‍යාපා­ර­යට අලුත් ආශ්වා­ද­යක්, පූර්වා­ද­ර්ශ­යක් සහ අලුත් දාර්ශ­නික කියැ­වී­මක් දීපු අව­ස්ථා­වක් මේක. ලෝකෙ බොහෝ වාමාං­ශික ව්‍යාපා­ර­වල කියැ­වීමේ හැටි­යට මැති­ව­රණ කියන්නේ නිර්දන පන්ති­යට ගැනීමේ ක්‍රම­යක් නෙවෙයි. ඒක ධන­පති පන්තිය බලය පවත්වා ගැනීම වෙනු­වෙන් හැදූ ටූල් එකක්. හැබැයි ශ්‍රී ලංකාව මේ ඔක්කොම වෙනස් කළා. අපේ පක්ෂය ලෝකෙ­ටම අලුත් දෙයක් කර පෙන්නුවා. ජන­තාව විවිධ පෙර­මු­ණු­වල සංවි­ධා­නය කිරීම තුළ මැති­ව­ර­ණය පන්ති අතර බලය හුව­මාරු කර ගැනී­මට යොදා ගන්න පුළු­වන් බව. මෙතෙක් කාල­යක් ලංකාවේ විධා­ය­කයේ බලය තිබුණෙ එලීට් ක්ලාස් එකේ හෝ ඔවුන්ගේ නියෝ­ජි­ත­යෙක් අත පම­ණයි. හැබැයි අපි සමත් වුණා, මීට ඇත්ත වාමාං­ශික බල­වේ­ග­යක නාය­ක­ය­කුට රටේ විධා­යක බලය ගැනී­මට. බලන්න අලුත් පාර්ලි­මේ­න්තුව දිහා. මෑත ඉති­හා­සයේ එහෙම පාර්ලි­මේන්තු බල­යක් ලෝකෙ කොහෙ­වත් හදලා නෑ. සමා­නු­පා­තික තේරීම් ක්‍රම­යක 2/3ක බල­යක්. පත්වෙලා ඉන්නේ කවුද? මීට පෙර පාර්ලි­මේ­න්තු­වල හිටියේ මුලින්ම සුදු අධි­රා­ජ්‍ය­වා­දීන් බලය දීලා ගිය එයාලා යටතේ වැඩ කළ සුවච කීකරු ප්‍රභූ පවු­ල්වල එයා­ලගෙ නියෝ­ජි­ත­යන්. ඊළ­ඟට එයා­ලගෙ ළමයි. වැන්ද­ඹු­වන්. හැබැයි අපි ගොවි­ය­න්ගෙන්, කම්ක­රු­ව­න්ගෙන් පාර්ලි­මේ­න්තුව පිරෙව්වා. ගුරු­ව­රු­න්ගෙන්, වෛද්‍ය­ව­රු­ව­රු­න්ගෙන්, වෘත්ති­ක­ය­න්ගෙන්, වතු කම්ක­රු­ව­න්ගෙන්, දේශ­පා­ලන පවුල් බල­යක් නැති කාන්තා­ව­න්ගෙන්, වෘත්තීය සමිති නාය­ක­ය­න්ගෙන්, ගොවි නාය­ක­ය­න්ගෙන්, විශ්ව­වි­ද්‍යාල ආචා­ර්‍ය­වරු වගේ වැඩ කරන පන්තියේ මිනි­සු­න්ගෙන් සහ ගැහැ­නු­න්ගෙන්. ඒ විත­රක් නෙවෙයි, මේ 1919 ඉඳන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාති­ක­ත්ව­ව­ලට බෙදී දේශ­පා­ල­නය කළ අපේ පන්තියේ මිනිස්සු අවු­රුදු 125කට පසු අපි එකට එකතු කළා. ඉතින්, අපි ඉල්ල­නවා ලෝකෙ වාමාං­ශික ව්‍යාපා­ර­ව­ලි­නුත් අපව සමී­පව අධ්‍ය­ය­නය කරන්න කියලා.

අපට කොහො­මද මෙහෙම බල­යක් ලැබුණෙ. අහ­ම්බ­ය­කින්ද නැත්නම් හිටපු පාල­ක­යන් අසා­ර්ථක වූ නිසාද? මිනිස්සු කලින් පාල­කයා පන්නපු නිසාද? ලෝකෙ රට­වල් කීයක පහු­ගිය කාලයේ පාල­ක­යන් අසා­ර්ථක වුණාද? ලංකා­වට පස්සෙ ඉරා­කය, කෙන්යාව, බංග්ලා­දේ­ශය වගේ රට­වල පාල­ක­යන් ජනතා උද්ඝෝ­ෂ­ණ­ව­ලින් පන්නා දැමුවා. හැබැයි ඒ රට­වල ජන­තා­වට නොහැ­කිවූ දෙයක් අපි කළේ කොහො­මද? අපට කොහෙන්ද ඒ බලය, අධි­ෂ්ඨා­නය සහ ඩිරෙ­ක්ෂන් එක ලැබුණෙ? අන්න ඒකට උත්ත­රය හොයද්දී අපට හමු­වෙ­නවා අපේ ආද­ර­ණීය පක්ෂය සහ ඒ අධි­ෂ්ඨා­නය සහ ඩිරෙ­ක්ෂන් එක අපට දීලා ජීවිත පූජා කළ අප්‍රේල් සහ ඉල්මහ විරු­වන්. අපි මුලින්ම කතා කළොත් මොකක්ද මේ පක්ෂය? ඇයි ලංකා­වට ජනතා විමුක්ති පෙර­මුණ අවශ්‍ය වුණේ? පුද්ග­ල­ය­කුගේ හෝ කණ්ඩා­ය­මක අව­ශ්‍ය­තාව වෙනු­වෙන් ඒක අහ­ම්බෙන් හැදුණු තවත් පක්ෂ­යක්ද? නැත්නම් ඇත්ත ජාතික අව­ශ්‍ය­තාව මත බිහිවූ ව්‍යාපා­ර­යක්ද? නිද­හ­සෙන් පසු බල­යට පත්වු එක්සත් ජාතික පක්ෂ­යත්, ඒකෙන්ම කැඩිලා හැදුණු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ කඳ­වු­රත් මාරු­වෙන් මාරු­වට මෙරට පාල­නය කළා. 1965දී විතර වෙද්දී මෙයාලා රට ප්‍රපා­ත­යට ඇදලා දාලා ජන­තාව ජාති­ක­ත්ව­ව­ලට බෙදලා අස­රණ කර තියෙද්දී, සාම්ප්‍ර­දා­යික වාමාං­ශික ව්‍යාපා­රය ජන­තාව වෙනු­වෙන් ඔවුන්ගේ පැත්තෙ සිට­ග­න්නවා වෙනු­වට වර­දාන වර­ප්‍ර­සාද වෙනු­වෙන් මේ දූෂිත පවුල් එක්කම ලැගලා හිටියා. ලංකා බිමේ ඇත්ත ඉඩක් මතු වෙලා තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ බහු­තර මිනිස්සු වෙනු­වෙන් ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් දිනා ගැනීම සඳහා වූ ඔවු­න්ගේම ව්‍යාපා­ර­ය­කට. අවු­රුදු 22 ක දීප්ති­මත් වෛද්‍ය ශිෂ්‍ය­යෙක් වූ රෝහණ විජේ­වීර සහෝ­ද­රයා 1965දී මේ ව්‍යාපා­ර­යට මුල­පි­රුවේ අන්න ඒ සමාජ දේශ­පා­ලන අව­ශ්‍ය­තාව වෙනු­වෙන්.

ආර­ම්භයේ ඉඳන් මේ ව්‍යාපා­රයේ අර­මුණ වුණේ සිය­ලුම ජාති­ක­ත්ව­වල බහු­තර මිනි­සුන්ගේ රාජ්‍ය බල­යක් පිහි­ටු­වීම සහ ඒ බලය ඇතුළෙ හැමෝ­ටම සාධා­රණ අවස්ථා ලැබෙන කිසි­ව­කුට විශේෂ වර­ප්‍ර­සාද නැති සාධා­රණ සමා­ජ­යක් බිහි­කි­රීම. ඒ හරහා පොහො­සත් රටක් සහ ලස්සන ජීවි­ත­යක් බහු­තර මිනි­සුන්ට උරුම කිරීම. ජවිපෙ ඒ වෙනු­වෙන් ප්‍රසිද්ධ දේශ­පා­ල­න­යේදී පම­ණක් නෙවෙයි, තහ­න­මට ලක්වෙලා මර්ද­න­යට ලක්වෙලා තියෙ­ද්දීත් පෙනී සිටියා. 1977, 81, 83 වගේ කාලයේ පවා පාල­ක­යන් ජාති­වා­දය අවු­ස්සද්දී අපි පෙනී සිටියේ ජාති­වා­ද­යට විරු­ද්ධව. ඒ වගේම දේශ­පා­ලන බලය සම්බන්ධ කාර­ණ­යේදී අපට අලු­තින් හිතන්න ඔවුන් පුරුදු කළා. ලෝකෙ බොහෝ වාමාං­ශික ව්‍යාපාර, පක්ෂ රුසි­යාව, චීනය, කියු­බාව කොපි කරන්න යද්දී අපේ පක්ෂෙ අපට ඉගැ­න්නුවේ අලු­තෙන් හිතන්න අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න. රෝහණ සහෝ­ද­රයා 1970දීත් කිව්වෙ අපේ රටේ තියෙන්නේ වෙනස් සංස්කෘ­ති­යක පරි­ස­ර­යක් බවයි. උප­ක්‍රම උපාය මාර්ග කොපි කර බෑ. සෝවි­යට සප­ත්තුව අපට ලොකු වැඩියි, ඒ වගේම චීන සප­ත්තුව අපට පොඩි වැඩියි කිය­ලයි ඔහු අපට ඉගැ­න්නුවේ. ඉතින් බංග්ලා­දේ­ශයේ, කෙන්යාවේ, ඉරා­කයේ සාමාන්‍ය ජන­තාව දූෂිත ඒකා­ධි­පති ආණ්ඩු පන්නලා නොගිය දුර­කට යන්න අවශ්‍ය සංවි­ධාන ශක්තිය නිර්මා­ණා­ත්මක අද­හස් ඇති මහා ගබ­ඩාව, පුස්ත­කා­ලය තමා රෝහණ සහෝ­ද­රයා ඇතුළු කණ්ඩා­යම හැදූ පර­ම්පරා තුනක් පුරා සංව­ර්ධ­නය කළ මේ පක්ෂය ජනතා විමුක්ති පෙර­මුණ.

මේ දව­ස්වල ජාත්‍ය­න්තර මාධ්‍ය කියන ප්‍රධාන දෙයක් 3%ක් ලැබූ කෙනා අවු­රුදු 4කින් ජනා­ධි­පති වුණා, මන්ත්‍රී­කම් 3ක් තිබු පක්ෂ­යක් ඉති­හා­සයේ වැඩිම පාර්ලි­මේන්තු බලය ගත්තා කියලා. ඒක කොහො­මද සිදු වුණේ. අපට ඒ බලය දුන්නේ කවුද? අදෘ­ශ්‍ය­මාන බල­වේ­ග­යක්ද? අපට කොහො­මද හයි­යක්, අධි­ෂ්ඨා­න­යක්, දරා­ගැ­නීමේ හැකි­යා­වක්, බලා­පො­රොත්තු තබා­ගෙන වැඩ කිරීමේ හැකි­යා­වක් ලැබුණෙ. 3% වෙද්දී මේක අත්හැ­රලා නොයන්න ධෛර්යය දුන්නේ කවුද? අන්න එත­කොට අපට ආයෙ හමු­වෙ­නවා 71, 88, 89 වීර­යන් සහ වීර­ව­රි­යන්. 70 බල­යට පත්වූ සමගි පෙර­මුණු ආණ්ඩුව අපව හැඳි­න්වූයේ වහාම මර්ද­නය කර විනාශ කරන්න ඕන සංවි­ධා­න­යක් ලෙස. ඒ අපි අපේ පක්ෂය ආයුධ සන්නද්ධ අර­ග­ල­යක් ගැන හිත­න්න­වත් කලින්. ඔවුන් අපව ඝාත­නය කර නාය­ක­යන් හිර­ක­ඳ­වු­රු­වල ගාල් කළා. හැබැයි ආපහු බිංදු­වෙන් පටන් අරන් අපි පක්ෂෙ හැදුවා. 81 සංව­ර්ධන සභා ඡන්ද­යෙන් අපේ නියෝ­ජි­ත­යන් පත් වෙනවා. අපි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව බලය ගන්න ගත් දෙවන උත්සා­හ­යත් 82, 83 ජේ. ආර්. වළ­ක්ව­නවා. අපි පාර්ලි­මේ­න්තු­වට එන්න තිබ්බෙ 1982. හැබැයි ජේ. ආර්. ඒ ඡන්දය අව­ලංගු කළා. ඊට පස්සෙ ලෝකෙ කිසිම කෙනෙක් අපි කළා කියල කියන්නෙ නැති යූ. එන්. පී. ආණ්ඩුවේ මැර­යන් ඇති කළ කළු ජූලිය අපේ පිට පටවා අපව තහ­නම් සංවි­ධා­න­යක් කර මර්ද­නය කරන්න පටන් ගත්තා.1982 ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ල­යෙන්ම ඔවුන් අව­බෝධ කර ගත්තා, අපට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ල­නයේ යෙදෙන්න අව­ස්ථාව ලැබු­ණොත් වසර කිහි­ප­යක් තුළ අපි බලය ගැනීමේ ආස­න්න­යට එනවා කියලා. ඉතින් ජේ. ආර්ගෙ ආණ්ඩුව අපව සමූල ඝාත­නය කළා. අපේ පක්ෂයේ නිර්මාතෘ ප්‍රධාන, ලේකම් ඇතුළු මධ්‍යම කාරක සභාව අති බහු­ත­රය ඝාත­නය කළා. ඔවුන්ගේ මාධ්‍ය බලය යොදා­ගෙන අපට අව­ලාද නැඟුවා. වැරදි ඉති­හා­ස­යක් අපට විරු­ද්ධව ලිව්වා. හැබැයි ඒත් අපේ අර­මුණ යහ­පත්. හැමෝ­ටම සාධා­රණ, ලස්සන ජීවි­ත­යක් දීමේ අර­මුණ ඔවුන්ට විනාශ කරන්න බැරි වුණා. ඉතින් 3 දෙනා 159ක් වුණේ කොහො­මද කියලා විදේශ මාධ්‍ය පුදුම වුණාට 3 දෙනා 159 කරන්න පුළු­වන් කියන අධි­ෂ්ඨා­න­යෙන් ඒ වෙනු­වෙන් බලා­පො­රොත්තු අත් නොහැර වැඩ කරන්න අපට කියලා දුන්නේ අවු­රුදු 35කට කලින් දිවි පිදූ ඔවුන්.

පාල­ක­යන් කොයි­ත­රම් උත්සාහ කළත් උතුරු නැඟෙ­න­හිර දෙමළ සහ මුස්ලිම් ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගන්න කාට­වත් බැරි වුණා. ඒ වගේම කඳු­කර දෙමළ ජන­තාව අපට ඡන්දය දුන්නේ කොහො­මද කියලා? දෙමළ සහ මුස්ලිම් ජාති­වාදී නාය­ක­යන් ඒ ජන­තා­වට අපි ගැන අවි­ශ්වා­සය හදද්දී ඔවුන් අපව විශ්වාස කර­න­තුරු අත් නොහැර, ඔවුන් සමඟ දේශ­පා­ල­නය කරන්න, අපව ජාති­වාදී ගොඩට දාන්න හදද්දී ජාති­වාදී නොවී දේශ­පා­ල­නය කරන්න ආදර්ශ දුන්නෙත් 88, 89 දිවි පිදූ ඒ සහෝ­දර සහෝ­ද­රි­ය­න්මයි. 1978දී යාපනේ ජන­තාව අම­තන රෝහණ විජේ­වී­රගෙ ඔළුව පැලෙන්න දෙමළ ජාති­වා­දීන් ගහ­නවා. හැබැයි සහෝ­ද­රයා අපට පෙන්නුවා, ජාති­වා­ද­යට උත්ත­රය ජාති­වා­දය නෙවෙයි කියලා. ඔහු ජේ. ආර්ගෙ ආණ්ඩු­වෙන් මරන්න හොයද්දී කැලේ හැංගිලා ඉන්න අත­රෙත් ජාති­වා­ද­යෙන් තොරව ශ්‍රී ලාංකික ජාතිය හදන විදිය ගැන පර්යේ­ෂණ කෘති­යක් රචනා කළා. නිෂ්මිලා රංජි­තම්ලා මේ ව්‍යාපා­රය වෙනු­වෙන් තමන්ගේ ජීවිත පූජා කළා. ඔවුන් ජාති­වාදී නොවී අපට දුන් ආදර්ශ තමා හේතු වුණේ අත්හ­රින්නේ නැතුව දෙමළ, මුස්ලිම් ජන­තාව අප වෙත දිනා ගන්නා­තුරු ඔවුන්ට විශ්වා­ස­යෙන් වැඩ කරන්න.

ඔවුන් අපට ඇහු­ම්කම් දෙන­තුරු නැවත නැවත කතා කරන්න. ඒ අධි­ෂ්ඨා­නය අපට ලැබුණෙ අවු­රුදු 35කට කලින් දස වද දීලා මරා දම­ද්දීත් තමන්ගේ අර­මුණ නොමරා මිය ගිය ඒ විරු­ව­න්ගෙන්. අපි මෙතැ­නින් ඉස්ස­ර­හට යන්නේ කොහො­මද? අපට ඒකට ආදර්ශ දෙන්නේ කවුද? දැන් අපට රාජ්‍ය බලයේ විශාල පංගු­වක් ලැබී තිය­නවා. ඉතින්, අපි මේ රට මෙහෙ­ය­වන්න ඕන දියුණු ශ්‍රී ලාංකික ජාති­යක් ගොඩ­නැ­ඟී­මට. දියුණු ආර්ථි­ක­යක් සහ ඒ ආර්ථි­කයේ ප්‍රති­ලාභ සාධා­ර­ණව බෙදී යන සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට අවශ්‍ය වෙනවා. මේකෙදී අපට අවශ්‍ය වෙනවා, පුද්ග­ලික ලාභ අපේක්ෂා වෙනු­වෙන් වැඩ නොක­රන, බල­යෙන් ඉදි­මිලා මිනිස්සු පීඩා­වට පත් නොක­රන, ප්‍රසි­ද්ධිය කීර්තිය වෙනු­වෙන් වැඩ නොක­රන, යහ­පත් සමා­ජ­යක් වෙනු­වෙන් වැඩ කරන මිනිස්සු. එහෙම අය අපට ඉන්නවා ලක්ෂ ගණ­නින් අපේ ව්‍යාපා­රය ඇතුළෙ. මේ වෙද්දීත් මේ වෙනු­වෙන් වග­කීම් කරට අරන් වැඩ­බිමේ කරන බොහෝ­ම­යක් අය කවු­රුත් දන්නෙ­වත් නෑ. එහෙම වැඩ කරන්න අපට ආදර්ශ දුන්නේ ඉල් විරු­වන්. වෛද්‍ය­ව­ර­යෙක් විදි­යට සාපේ­ක්ෂව යහ­පත් පුද්ග­ලික ජීවි­ත­යක් ගෙන යන්න හැකි­යාව තිබු විජේ­වීර සහෝ­ද­රයා තිස්ස­ම­හා­රාම නග­රයේ කුලි­යට මුට්ට කර ගහලා මේ ව්‍යාපා­රය ගොඩ­න­ඟන්න දායක වෙලා අපට දුන්නේ ඒ ආද­ර්ශය. 88, 89 තම ජීවි­තය පූජා කළ වෙනුර එදි­රි­සිං­හලා, සත්‍ය­පා­ල­ව­න්නි­ග­මලා, විජේ­දාස ලිය­නා­ර­ච්චිලා වගේ සහෝ­දර සහෝ­ද­රි­යන් දහස් ගණ­නක් අපට මේක ජය­ග්‍ර­හ­ණ­යෙන් කෙළ­වර කරන්න ඕන ආදර්ශ ඕනෑ­ත­රම් දී තියෙ­නවා.

දැන් අපි බලය ගත් ව්‍යාපා­ර­යක සාමා­ජි­ක­යන් කියන එක අපි මතක තබා ගත යුතුයි. දැන් මුළු ලෝකෙම මිනිස්සු බලා­ගෙන ඉන්නේ අපට බලය ලැබු­ණාම අපේ භාවි­තාව ජන­තා­වාදී එකක්ද කියලා. අපි හැමෝම අපේ භාවි­තාව තුළ පෙන්වන්න ඕන බලය තියෙ­ද්දීත් අපි වැඩ කර­න්නෙත් ඊට කලින් වගේම පුද්ග­ලික අභි­ම­තා­ර්ථ­ව­ලින් තොරව කියලා. ඉතින් ඉල් විරු­වන්ට උප­හාර දක්වන්න තියන හොඳම විදිය අපි දැන් ආරම්භ කර ඉව­රයි. දැන් මේක ඔවුන් පැතූ ලෝකය වෙත ගමන් කරන එක නව­ත්වන්න කාට­වත් බෑ. ඒ වෙනු­වෙන් හැමෝ­ටම ධෛර්යය, ශක්තිය ප්‍රාර්ථනා කර­නවා.”

ජවිපෙ එක්සත් රාජ­ධානී සංවි­ධා­යක දර්ශන හෙට්ටි­ආ­රච්චි මහතා සඳ­හන් කළේ ඉල් විරු­වන් පැතූ ලෝකය ගොඩ­නැ­ඟී­මට අවශ්‍ය දේශ­පා­ලන බලය සහි­තව ඒ වෙනු­වෙන් වැඩ අරඹා ඇති වට­පි­ටා­වක මෙවර ඉල් සම­රුව විශේෂ ඉල් සම­රු­වක් බවයි.

ජවිපෙ හිටපු ලේකම් උප­තිස්ස ගම­නා­යක මහ­තාගේ බිරිය වන කරුණා ගම­නා­යක මහ­ත්මිය සඳ­හන් කළේ 71 අර­ග­ල­යේදී සහ 88, 89 අර­ගල සමයේ කැප­වීම් කර­මින්, ජීවිත පූජා කළ අය දේශ­ද්‍රෝ­හීන් කර­මින් මිනී­මරු පාල­ක­යන් ලියූ ඉති­හා­සය වෙනස් කර ඇති වට­පි­ටා­වක මෙවර ඉල් විරු සැම­රුම පැවැ­ත්වෙන බවයි. ජනතා විමුක්ති පෙර­මුණේ එක්සත් රාජ­ධානී ශාඛාවේ සංවි­ධා­යක දර්ශන හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වු මේ උත්ස­ව­යට ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් උප­තිස්ස ගම­නා­ය­කගේ බිරිය වන කරුණා ගම­නා­යක ඇතුළු ජවිපෙ පැරණි සාමා­ජික සාමා­ජි­කාවෝ එක් වූහ.