ඇමැති හඳු­න්නෙත්ති වසර 4කට පසුව මහ­ජන දිනය අරඹයි

කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහ­තාගේ අද­හ­ස­කට අනුව අමා­ත්‍යාං­ශයේ මහ­ජන දිනය නැව­තත් ක්‍රියා­ත්මක කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි.

2020 වස­රේදී අව­ස­න්ව­රට ක්‍රියා­ත්මක කළ අමා­ත්‍යාං­ශයේ මහ­ජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියා­ත්මක කිරීම විශේ­ෂ­ත්ව­යකි.

සෑම සඳුදා දින­කම උදෑ­සන 9 සිට දහ­වල් 1 දක්වා මහ­ජන දිනය පැවැ­ත්වෙන අතර ඕනෑම අයෙ­කුට තම ගැටලු විසඳා ගැනීම සඳහා විෂය භාර ඇමැ­ති­ව­රයා, අමා­ත්‍යාංශ ලේකම් ඇතුළු අනෙ­කුත් නිල­ධා­රීන් හමු­වීමේ අව­ස්ථාව හිමි­වෙයි.

ඊයේ පැවැත්වූ මහ­ජන දිනය සඳහා ක්ෂුද්‍ර පරි­මාණ – සුළු පරි­මාණ – මධ්‍ය පරි­මාණ හා මහා පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන්, ව්‍යව­සා­ය­ක­යින්, විශ්‍රා­මික රාජ්‍ය නිල­ධා­රින් ඇතුළු විශාල පිරි­සක් මේ වන විට තමන් මුහුණ දෙමින් සිටින විවිධ ගැට­ලු­ව­ලට විස­ඳුම් සොයා පැමි­ණි­යහ.

මෙහිදී විවිධ පාර්ශ්ව­ය­න්ගෙන් ඉදි­රි­පත් වූ විවිධ ප්‍රශ්න හා ගැට­ලු­ව­ලින් කොට­සක් සඳහා සුනිල් හඳු­න්නෙත්ති ඇමැ­ති­ව­රයා ප්‍රමුඛ අමා­ත්‍යාංශ නිල­ධා­රීන් විසින් ක්ෂණික විස­ඳුම් ලබා­දුන් අතර ඉදි­රි­පත් වූ ඇතැම් ගැටලු අදාළ වග­කි­ව­යුතු ආය­තන වෙත ඉදි­රි­පත් කර විස­ඳුම් ලබා­දී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලදී.

මෙම මහ­ජන දිනය සඳහා අමා­ත්‍යාංශ ලේකම් තිලකා ජය­සු­න්දර, අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්වරු ඇතුළු අමා­ත්‍යාං­ශයේ අදාළ නිල­ධා­රීන් රැසක් සහ­භාගි වූහ.