අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
රට පුරා මධ්‍යස්ථාන 2312කදී විභාගය පැවැත්වෙන අතර විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ද ඒ මහතා පැවසුවේය.
සමස්ත අයදුම්කරුවන් 333,183ක් විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අයදුම්කරුවන් බවත් 79,793 පෞද්ගලික අයදුම්කරුවන් බවත් ඒ මහතා පැවසුවේය.
මෙවර විභාග ශාලා තුළ ජංගම දුරකතන භාවිතයට අවසර හිමි වන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් වන අතර සහකාර විදුහල්පතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතයට අවස්ථාව නොලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.