අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය. එම අවස්ථාවට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හා අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.