පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත.
කෙසේවෙතත් පානදුගම ප්රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අද දින වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයයි.