අස්වැසුමට අයදුම් කරන්න අතිරේක සහන කාලයක්

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ.

අදාළ අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි බව සඳහන්.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.