IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව, විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය සඳහා අනුමැතිය ලබා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කලේය.

විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333 ක පමණ ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර, එම විධි විධානය යටතේ ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය ඩොලර් මිලියන 1,333 කි.