ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවය.
එමෙන්ම මීට වසර දෙකකට පෙර ලබා දුන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා වල සිටින අපේක්ෂකයින් ඇතැමුන් මිය ගොස් ඇති අතර, සමහර පිරිස් රට හැර දමා ගොස් ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කොට අලුතින් නාමයෝජනා කැඳවීමට කටයුතු කරනවාද නැද්ද යන්න තීරණය කරන බව අමාත්‍යවරයා පවසයි.
ඉදිරි වසරේ මුල් කාලයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන අතර දින සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.