මෙත­නෝල් සහිත ව්‍යාජ මත්පැන් බී ලාඕ­ස­යේදී සංචා­ර­කයෝ 6ක් මරු දකිති

මාරා­න්තික මෙත­නෝල් රසා­ය­නික ද්‍රවණය සහිත ව්‍යාජ මත්පැන් පානය කිරීම හේතු­වෙන් ලාඕ­සයේ වැං වීන්ග් නුවර සංචා­රක පුර­ව­රයේ සිටි විදේ­ශික සංචා­ර­ක­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා එම සංචා­රක පුර­ව­රයේ නවා­තැන් ගෙන සිටි යොවුන් වියේ පසුවූ අමෙ­රි­කානු ජාතික තරු­ණ­යකු සහ ඩෙන්මාර්ක ජාතික තරු­ණි­යන් දෙදෙ­නකු මියයෑමත් සමඟ මෙත­නෝල් විෂ සහිත මත්පැන් අලෙවි කිරීමේ සිදු­වීම හෙළි වී ඇති අතර, පෙරේදා තවත් විදේ­ශි­ක­යන් දෙදෙ­නකු මියයෑමත් සමඟ තත්ත්වය බර­ප­තළ වූ බව වාර්තා වේ.

වැං වින්ග් නුවර පිහිටි කුඩා හෝට­ල­යක නවා­තැන් ගෙන සිටි ඔස්ට්‍රේ­ලි­යානු ජාතික 19 හැවි­රිදි තරු­ණි­යක් ඊයේ ජීවි­ත­ක්ෂ­යට පත්වී­මත් සමඟ බව මෙත­නෝල් විෂ සහිත මත්පැන් පානය කිරී­මෙන් මියගිය විදේ­ශි­ක­යන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මත්පැන් පානය කළ බව කියන තවත් තරු­ණි­යක් මේ වන­විට රෝහ­ල්ගත කර සිටින බවත්, බ්‍රිතාන්‍ය ජාතික තරු­ණි­යක් වන ඇගේ තත්ත්වය බර­ප­තළ බවත් වාර්තා වේ.

පෙරේදා ජීවි­ත­ක්ෂ­යට පත්වූ විදේ­ශි­ක­යන් දෙදෙනා අතර 19 හැවි­රිදි ඔස්ට්‍රේ­ලි­යානු තරු­ණි­යක් සහ 28 හැවි­රිදි බ්‍රිතාන්‍ය නීති­ඥ­ව­රි­යක සිටින බවත්, එම ඔස්ට්‍රේ­ලි­යානු තරු­ණිය ඊයේ මියගිය තරු­ණිය සමඟ ලාඕ­සයේ සංචා­රය කළ ඇගේ මිතු­රි­යක බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔස්ට්‍රේ­ලි­යානු තරු­ණි­යන් දෙදෙනා මියයෑමෙන් පසු ඔවුන් නවා­තැන් ගෙන සිටි හෝට­ලයේ කළ­ම­නා­කරු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, මියගිය තරු­ණි­යන් දෙදෙනා ඇතුළු අමු­ත්තන් 100කට පමණ පසු­ගි­යදා හෝට­ලය මඟින් නොමිලේ මත්පැන් වීදු­රු­වක් බැගින් පිරි­නැමූ බව ඔහු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේ­ලි­යානු තරු­ණි­යන් දෙදෙනා හැර සෙසු අමු­ත්තන් කිසිදු රෝගී තත්ත්ව­ය­කට ගොදුරු නොවූ බවද හෝටල් කළ­ම­නා­කරු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.