රාජ්‍ය රහස් සොරකම් කිරීම සඳහා විදේශීය නියෝජිතයන්ට රටේ දැවැන්ත කැමරා නිරීක්ෂණ ජාලයේ දෝෂ භාවිත කළ හැකි බවට චීනයේ ඉහළම ඔත්තු සේවා ඒජන්සිය රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වී චැට් ගිණුමෙහි පළ කරනු ලැබූ එම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ නම හෙළි නොකරන එක්තරා නගරයක පුද්ගලයකු නාගරික ජලපවහනය සහ ගංවතුර වැළැක්වීම සඳහා එරට වීඩියෝ නිරීක්ෂණ කැමරා භාවිත කිරීමේ සිදුවීමක් වාර්තාවීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විමර්ශන පද්ධතියේ දත්ත අධීක්ෂණ උපාංග සහ සේවාදායකයන් විසින් සිදු කරනු ලබන දුර්වල කළමනාකරණය එරට ඔත්තු සේවා ඒජන්සියේ විමර්ශනයකින් හෙළිවී ඇති බවත්, එවැනි දුර්වලතා හේතුවෙන් රජයේ රහසිගත තොරතුරු කාන්දුවීමේ වැඩි අවදානයක් පවතින බවත් චීන රජයට වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද එම අනතුරු ඇඟවීමෙන් පසු එම කැමරා පද්ධති සුරක්ෂිත කිරීමට චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.