ගාල්ල ශුද්ධ වූ ජපමාල රාජේශ්වරියගේ ආසන දෙව්මැදුරේ 150 වන ජයන්ති මංගල්‍යය අද (23) සහ හෙට (24) උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතය.
අද (23) සවස 3.45ට පමණ ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව සවස 5.30ට පමණ ආරම්භ වන සන්ධ්‍යා දේව මෙහෙය වෙනුවෙන් ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා අපෝස්තලික තානාපති හා අතිඋතුම් රේමන්ඩ් වික්‍රමසිංහ ගාලු රදගුරු හිමිපාණන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වෙති. මෙහි සන්ධ්‍යා දේව මෙහෙය සවස 5.30ට ආරම්භ වන අතර සවස 6.30ට පමණ දේව මාතාවන් රැගත් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහර දේවස්ථානයෙන් පිටත්ව ටෙම්ප්ලර්ස් පාර, අබේසුන්දර පාර වෑන්රිත් වැඩිහිටි නිවාසය අසලින් කීල්ස් සුපර්මාර්කට් ප්‍රධාන මාර්ගයට පිවිස බන්ධනාගාරය අසලින් නැවත දේවස්ථානයට පැමිණේ.
හෙට (24) ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ගෞරවනීය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, අතිඋතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල්, ත්‍රිකුණාමල පදවි රදගුරු හිමිපාණන්, අතිඋතුම් ඇන්තනී වයිමන් කෲස් රත්නපුර පදවි රදගුරු හිමිපාණන්, අතිඋතුම් ක්ලීටර් චන්ද්‍රසිරි පෙරේරා, රත්නපුර පදවි හිටපු රදගුරු හිමිපාණන් අතිඋතුම් රේමන්ඩ් වික්‍රමසිංහ ගාලු රදගුර හිමිපාණන් සහභාගි වීම විශේෂත්වයකි. උදෑසන 7.45ට පමණ අමුත්තන් පිළිගැනීම හරසරින් සිදු කෙරෙන අතර මෙහිදී මංගල මහා දිව්‍ය යාගය දේවස්ථානයේදී උදෑසන 9.15ට ආරම්භ වීමට නියමිතය.
මේ දේවස්ථානය සිල්වෙස්ටරෝ වෙලේදිකානුත් ආපසුවරුන්ගේ ධර්මදූතික ක්රියාදාමයේ සුවිශේෂී මංසලකුණක් ලෙස සැලකිය හැකිය. මෙය ඉදිකරනු ලැබුවේ ස්පාඤ්ඤ බෙනදිකාන නිකායික බෙනඩික් මාතින් ප්රජාප්රසාදියන් වහන්සේ විසිනි. මේ ආසන දෙව්මැදුර පිහිටි භූමිය ඕලන්ද සමයේ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ ස්ථානයන් දෙක හැඳින්වෙන අතර පසු කලෙක මෙය හිල්ලොක් සහ මවුන්ට් කල්වරි ලෙසද ව්‍යවහාර වී ඇත.
නැව්වලින් පැමිණෙන විදේශිකයන් අප රට කතෝලික රටක් ලෙස සිතීමට හැකි වූයේද මේ දේවස්ථානය නිසා බව ද කියැවේ. ක්‍රි.ව.1873 දී මේ ගොඩනැඟිල්ලට මුල්ගල් තබා ඇති අතර 1874 දි අවසන් කර ඇත. මේ දෙව්මැදුර අතිශය කොට ආසිරි ගන්වා ඇත්තේ 1876 ජනවාරි මස 18 වැනි දින එනම් රෝමයේ ශාන්ත පේදුරු සහ පාවුළු බැසිලිකා දෙව්මැදුර කැප කිරීමේ දිනයේදීය. මෙහි නිර්මාණ ශිල්පය ස්පාඤ්ඤ දෙව්මැදුරු කලාවට නෑකම් කියන බව ද පැවසේ.