අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය නියමිත පරිදි මේ මස 25 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
මේ විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් පැවතිය ද විභාගය කල් දැමිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව උසස් පෙළ විභාගය මේ මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ. මේ දිනවල විභාගය පැවැත්වෙන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2024.03.01 දිනැතිව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් ප්‍රසිද්ධ කර තිබිණි. විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇත.
මේ විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර, මේ විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමඟින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වේ. ඉහත ප්‍රායෝගික තත්ත්වයන් මත, උසස් පෙළ විභාගයේ සියලුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති නිසා මේ අවස්ථාවේදී විභාගය කල්දැමීමේ හැකියාවක් නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.