ඉන්දීය ඉනිම 150කට බිඳ දැමූ ඔස්ට්‍රේ­ලි­යාව 67/7යි

ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර ඊයේ පර්ත්හිදී ආරම්භ වූ බෝඩර්-ගව­ස්කාර් ටෙස්ට් තර­ගා­ව­ලියේ පළමු තර­ගයේ සංචා­රක ඉන්දීය පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරී­මට ඔස්ට්‍රේ­ලි­යා­නුවෝ සමත් වූහ.

කෙසේ වෙතත් පළමු දින­යට තර­ගය නතර කරන විට ඔස්ට්‍රේ­ලි­යාව අසීරු තත්ත්ව­යක පසු වූයේ පළමු ඉනිම වෙනු­වෙන් කඩුලු 7ක් දැවී ලකුණු 67ක් රැස් කර­මිනි. ඒ අනුව තර­ගයේ පළමු දින­යේදී කඩුලු 17ක් බිඳ වැටිණි.

දිනය නිමා වන විට කඩුලු 3ක් අතැ­තිව සිටින ඔස්ට්‍රේ­ලි­යාව ඉන්දීය පළමු ඉනි­මට වඩා ලකුණු 83ක් පසු­ප­සින් සිටී.

ඇලෙක්ස් කේරී ලකුණු 19ක් සහ මිචෙල් ස්ටාක් ලකුණු 6ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. ඔස්ට්‍රේ­ලියා ඉනිමේ දැවී ගිය පිති­ක­රු­වන් 7 දෙනා අත­රින් ටැවිස් හෙට් රැස් කළ ලකුණු 11 ඉහ­ළම ලකුණු සංඛ්‍යාව විය. නායක ජස්ප්‍රීට් බුම්රා ලකුණු 17කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, මොහො­මඩ් සිරාජ් කඩුලු 2ක් සහ හර්ෂිත් රානා කඩු­ල්ලක් දවා ගත්හ.

සිය මංගල ටෙස්ට් තර­ගය ක්‍රීඩා කරන නිතිෂ් කුමාර් රෙඩ්ඩි රැස් කළ ලකුණු 41 ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. රිෂාබ් පාන්ට් ලකුණු 37ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 26ක් රැස් කළ අතර, සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 20 සීමා­වට පිවි­සී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි. පන්දු යැවී­මේදී ජොෂ් හේස­ල්වුඩ් කඩුලු 4ක්, මිචෙල් මාෂ්, මිචෙල් ස්ටාක් හ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.