IMF නියෝ­ජි­ත­යන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන නිල­ධා­රීන් සමඟ හමු­වක

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ නිල­ධා­රින් අතර හමු­වක් පසු­ගි­යදා පැවැ­ත්විණි. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් වන තෙවන ඇග­යී­මට සම­ගා­මීව නිල­ධාරි මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් වන විශේෂ හමුව පසු­ගිය 19 වැනි දින කොමි­ෂන් සභාවේ සභා­පති, කොම­සා­රි­ස්ව­රුන් ඇතුළු නිල­ධා­රින්ගේ සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි.

මේ හමු­වේදී වත්කම් බැර­කම් පද්ධ­තිය ස්ථාප­නය කිරීම කෙරෙහි විශේෂ අව­ධා­නය යොමු වූ අතර, උපාය මාර්ග සැල­සුම සකස් කිරීම, නව අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යකු පත්කි­රීම සම්බන්ධ තත්ත්ව­යන් සහ නව දූෂණ විරෝධී පනත ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය කඩි­නම් කිරීම සඳහා ප්‍රමා­ණ­වත් මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කිරීම පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය.