ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අතර හමුවක් පසුගියදා පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවන ඇගයීමට සමගාමීව නිලධාරි මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විශේෂ හමුව පසුගිය 19 වැනි දින කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරින්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ හමුවේදී වත්කම් බැරකම් පද්ධතිය ස්ථාපනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, උපාය මාර්ග සැලසුම සකස් කිරීම, නව අධ්යක්ෂ ජනරාල්වරයකු පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සහ නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.