2030 වනවිට ඩොලර් බිලියන 35ක අපනයන ආර්ථිකයක් ළඟා කර ගැනීම සහ සියයට 6.5කට එහා දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් ඉලක්කගතව කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.
ඊයේ (22) අමාත්‍යාංශයේදී වැඩ බාර ගත් අවස්ථාවේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
කර්මාන්තවල ඵලදායීතාව පැත්තෙන් ගත්තම අවශ්‍ය රාජ්‍ය සහාය අපේ කර්මාන්තකරුවන්ට පසුගිය කාලසීමාවේ ලැබුණේ නැහැ. එහෙම නොලැබීම නිසා ලංකාවේ අපනයන ප්‍රමාණය විදිහට ඩොලර් බිලියන 12ක භාණ්ඩ අපනයනයක් සහ ඩොලර් බිලියන 5ක සේවා අපනයනයක් සහිතව ඉතා විශාල වෙළෙඳ ශේෂයක් සහිතව ආර්ථික අර්බුදයකට පත්වුණා. ජාතික ජන බලවේගය රජයේ අරමුණ වන්නේ 2030 වන විට ඩොලර් බිලියන 35ක විතර අපනයන ආර්ථිකයක් ළඟා කර ගැනීම සහ 6.5කට එහා දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් ළඟා කර ගැනීමයි. ඒකට ලබා දෙන දායකත්වය වැඩිපුරම ලැබෙන්නේ කර්මාන්ත ක්ෂේත්රයෙන්. ඒක නිසා මේක ඉතාමත් භාරදූර කාර්යයක්. මේ රටේ දැවැන්ත කර්මාන්ත හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්රගමනයක් ලබා ගැනීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වී තිබෙනවා. තෝරාගත් ක්ෂේත්‍ර ගණනාවක් ප්‍රවර්ධනය සඳහා ලංකාවට ගැළපෙන ආයෝජන ප්‍රමාණයක් ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා යැයි ද පැවසීය.