වෙළෙ­ඳ­පොළේ ඇති හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන ගැන විම­සි­ලි­මත් වන්න-පාරි­භෝ­ගික අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි

හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන පිළි­බ­ඳව විම­සි­ලි­මත් වන ලෙස පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි. ප්‍රසිද්ධ වෙළෙඳ නාම­යක් ව්‍යාජ ලෙස යොදා­ග­නි­මින් සැකසූ හිස­කෙස් වර්ණ ගන්වන ආලේ­පන වෙළෙ­ඳ­පොළේ අලෙවි කළ ව්‍යාපා­රික ස්ථාන වැට­ලී­මට පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය පසු­ගිය දින­වල කට­යුතු කරනු ලැබීය.

වෙළෙ­ඳ­පොළේ මෙවැනි ව්‍යාජ නිෂ්පා­දන අලෙවි කිරීම වැළැ­ක්වී­මට පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය නිර­තු­රු­වම කට­යුතු කරන අතර, භාණ්ඩ මිලදී ගැනී­මේදී මෙවැනි ව්‍යාජ නිෂ්පා­දන සම්බ­න්ධව විම­සි­ලි­මත් වන ලෙසත් සහ එවැනි අවස්ථා පිළි­බඳ තොර­තුරු වෙතොත් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ කෙටි දුර­ක­තන අංකය වන 1977 වෙත දැනුම් දෙන ලෙසත් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බද අධි­කා­රිය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

නිවැ­රදි හිස­කෙස් කළු කරන ආලේ­ප­නයේ අනු ඇසු­රු­මක බර 21gක් වන බවත් ව්‍යාජ නිෂ්පා­ද­නයේ අනු ඇසු­රු­මක බර 10gක් වන බවත් අධි­කා­රිය කියයි.

පිට­කො­ටුව පැරණි නග­ර­ශාලා ගොඩ­නැ­ඟිල්ලේ සහ පීපල්ස් පාර්ක්හි වෙළෙ­ඳුන් තිදෙ­නෙකු සම්බ­න්ධව සිදු කරන ලද මෙවැනි වැට­ලී­ම්ව­ලින් අන­තු­රුව එම වැරදි සම්බ­න්ධ­යෙන් මාළි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මෙන් පසු වරද පිළි­ගත් ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­න­කුට දඩ මුද­ලක් සහ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ ඇසු­රුම් විශාල ප්‍රමා­ණ­යක් රාජ­ස­න්තක කර විනාශ කිරී­මට අධි­ක­ර­ණය නියම කළ බවද එම අධි­කා­රිය සඳ­හන් කළේය.