පාර්ලි­මේ­න්තු­වට පත් වූ නවක මන්ත්‍රී­ව­රුන්ට දින 3ක වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනුම්­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ.

නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සාම්ප්‍ර­දා­යි­කව සිදු කරනු ලබන කට­යු­ත්තක් ලෙස මෙම වැඩ­මු­ළුව මෙව­රද සංවි­ධා­නය කර තිබේ.

25 වැනි සඳුදා පෙ.ව. 9.30ට පැවැ­ත්වෙන මෙම වැඩ­මු­ළුවේ සමා­ර­ම්භය සඳහා අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථා­නා­යක වෛද්‍ය මොහො­මඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභා­පති හේමාලි වීර­සේ­කර, සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම්, නියෝජ්‍ය මහ­ලේ­කම්, සහ­කාර මහ­ලේ­කම් ඇතුළු පිරි­සක් සහ­භාගි වීමට නිය­මිත වේ.

මෙම තෙදින වැඩ­මු­ළු­වේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යාගේ භූමි­කාවේ කාර්ය­භා­රය, පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද, පාර්ලි­මේ­න්තුව තුළ නීති සම්පා­දිත ක්‍රියා­ව­ලිය, පාර්ලි­මේන්තු කාරක සභා ක්‍රියා­ව­ලිය, පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ විධි විධාන පිළි­බ­ඳව මන්ත්‍රී­ව­ර­යන් දැනු­වත් කිරී­මට අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කර ඇති අතර, මන්ත්‍රී­ව­ර­යන්ට ඉලෙ­ක්ට්‍රො­නික ඡන්ද ක්‍රමය භාවි­ත­යෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝ­ගික සැසි­යක් ද පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ.

තවද දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට අදාළ නීති හා ක්‍රියා­ව­ලීන් පිළි­බ­ඳව මෙන්ම මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ පාර්ලි­මේන්තු කට­යුතු අංශයේ කාර්ය­භා­රය පිළි­බ­ඳව ද දැනු­වත් කිරී­මට නිය­මිත වේ.

එමෙන්ම පාර්ලි­මේ­න්තුවේ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් සහ කාර්යාංශ ප්‍රධා­නීන් විසින් ඒ ඒ අංශ මඟින් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව ඔවුන්ගේ දාය­කත්ව හා කාර්ය­යන් පිළි­බ­ඳව ද මන්ත්‍රී­ව­රුන් දැනු­වත් කිරී­මට ද නිය­මි­තය.