ලෝක ළමා දිනයට සමගාමිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දරුදැරියන් 100කට අධික පිරිසක් විසින් සිතුවම් කරන ලද චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා (19) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සතුටු උයන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය කර ඇති මේ චිත්‍ර ප්‍රදර්ශනය Vision for the Future (අනාගතය සඳහා වූ දැක්ම) ලෙස නම් කර ඇත. මේ ප්‍රදර්ශනය 26 (අඟහරුවාදා) දක්වා පැවැත්වේ.