වනිඳුට-තීක්ෂණට කෝටි දෙකක ලංසුවක්

ලබන වසරේ පැවැ­ත්වෙන ඉන්දීය ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ක්‍රීඩක වෙන්දේ­සිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරා­බියේ ජෙඩා­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

මේ සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී සිටි අතර, ඉන් ක්‍රීඩ­ක­යන් 574ක් ඉදි­රි­පත් කිරී­මට සංවි­ධා­ය­ක­යන් කට­යුතු කර තිබේ. ඒ අනුව වෙන්දේ­සි­යට ඉන්දීය ක්‍රීඩ­ක­යන් 366ක් සහ විදෙස් ක්‍රීඩ­ක­යන් 208ක් ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. මේ ක්‍රීඩ­ක­යන් 574 අතර ජාත්‍ය­න්තර තරග වරම් හිමි කර­ගෙන ඇති ක්‍රීඩ­කයෝ 330ක් (ඉන්දීය 318 හා විදෙස් 12) ද ඇතු­ළත්ව සිටිති. කෙසේ වෙතත් මින් කණ්ඩා­යම් 10ට මිල දී ගත හැක්කේ ක්‍රීඩ­ක­යන් 204ක් පමණි. ඉන් 70ක් විදෙස් ක්‍රීඩ­ක­යන් වනු ඇත.

මෙහිදී ඉහ­ළම වටි­නා­කම සහිත කාණ්ඩය වන ඉන්දීය රුපි­යල් කෝටි 2ක කාණ්ඩ­යට ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­නකු ද ඇතු­ළුව ප්‍රබල ක්‍රීඩ­ක­යන් 81 දෙනකු ඇතු­ළත් වන අතර, ඊට පසු­ගිය තරග වාරයේ කණ්ඩා­යම් මෙහෙ­යවූ රිෂාබ් පාන්ට් (දිල්ලි), ලෝකේෂ් රාහුල් (ලක්නව්) සහ ශ්‍රේයාස් අයි­යර් (කොල්කටා) ද ඇතු­ළත්වී සිටිති. මේ අතර පසු­ගිය වසර 10ක කාල­යේදී කිසිදු විස්සයි20 තර­ග­ය­කට ක්‍රීඩා නොකර එංග­ල­න්තයේ ජෙම්ස් ඇන්ඩ­ර්සන් ද කෝටි 1.25ක මූලික වටි­නා­ක­මක් යටතේ ලියා­ප­දිංචි වී සිටීම විශේ­ෂ­ත්ව­යකි.

මේ අතර මේ වෙන්දේ­සිය සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩ­ක­යන් 29 දෙනකු ලියා­ප­දිංචි වී සිටි අතර, ඉන් අව­ස්ථාව ලැබී ඇත්තේ ක්‍රීඩ­ක­යන් 19 දෙන­කුට පමණි. එහි ඉහ­ළම වටි­නා­ක­මක් සහිත කාණ්ඩ­යට දඟ පන්දු යව­න්නන් වන වනිඳු හස­රංග සහ මහීෂ් තීක්ෂණ ඇතු­ළත්ව සිටිති. ඔවුන් දෙදෙනා ඉන්දීය රුපි­යල් කෝටි 2ක මූලික වටි­නා­කම (ආසන්න වශ­යෙන් ශ්‍රී ලංකා රුපි­යල් 69,364,497) යටතේ ඉදි­රි­පත් කෙරෙනු ඇත.

ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 (ශ්‍රී ලංකා රුපි­යල් 26,011,686) මූලික වටි­නා­කම යටතේ ක්‍රීඩ­ක­යන් 15 දෙනකු ඇතු­ළත්ව තිබේ. ඊට විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවන් තුෂාර , භානුක රාජ­පක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, චරිත් අස­ලංක, දුනිත් වෙල්ලා­ලගේ, ඩිල්ෂාන් මධු­ශංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක සහ ළහිරු කුමාර ඉදි­රි­පත් කරන අතර, ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණ ඉන්දීය රුපි­යල් ලක්ෂ 30 කාණ්ඩ­යට ඇතු­ළත්ව සිටිති.

මේ වෙන්දේ­සි­යට ඉදි­රි­පත් නොකර ක්‍රීඩ­ක­යන් රඳවා ගැනී­මට කණ්ඩා­ය­ම්ව­ලට අව­ස්ථාව දී තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා­වෙන් අව­ස්ථාව හිමි වූයේ මතීෂ පති­ර­ණට පමණි. ඔහු චෙන්නායි පිල විසින් රඳ­වා­ගෙන තිබිණි. ඔහු ඉන්දීය රුපි­යල් කෝටි 13 (ආසන්න වශ­යෙන් ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 45ක්) මුද­ල­ක­ටය.

මේ අතර ලබන වසරේ අයි­පී­එල් තර­ගා­ව­ලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 25 වැනිදා දක්වා පැවැ­ත්වෙනු ඇත. ඊට ඇතු­ළත් තරග සංඛ්‍යාව 74කි.