අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් ගිය ගුවන්යා­නයේ දොරටු හැරී­මට මගි­යෙක් උත්සාහ කරයි

කළ­හ­කාරී ලෙස හැසි­රුණු කැනේ­ඩි­යානු මගි­යකු අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් පියා­සර කර­මින් තිබූ එයාර් අමෙ­රිකා ගුවන්යාන­යක දොර­ටුව හැරී­මට උත්සාහ ගැනීමේ සිදු­වී­මක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ මිල්වූකි නුවර සිට ඩලාස් නුවර දක්වා පියා­සර කර­මින් තිබූ එම ගුවන්යාන­යේදී එම සිදු­වීම වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

යානය පියා­සර කර­මින් තිබි­යදී ගුවන් සේවි­කා­වක වෙත පැමිණි එම මගියා වහාම ගුවන්යාන­යෙන් පිට­වී­මට අවශ්‍ය බවත්, ඒ සඳහා දොර­ටුව හැර දෙන ලෙසත් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම ගුවන් සේවි­කාව විසින් ප්‍රති­ක්ෂේප කරනු ලැබී­මෙන් පසු ඔහු කල­බ­ල­යට පත්ව දොර­ටුව විවෘත කිරී­මට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අන­තු­රුව එහි සිටි මගීන් තිදෙ­නකු ගුවන් සේවි­කා­වගේ සහා­යට පැමිණ ඇතැයි ද, ඔවුන් කළ­හ­කාරී මගියා මෙල්ල කිරී­මට සමත්වී ඇතැයි ද වාර්තා වේ. තත්ත්වය පාල­නය කිරී­මෙන් පසු නිය­මිත වේලා­වට ඩලාස් ගුව­න්තො­ටු­පොළ වෙත ළඟා­වී­මෙන් පසු එම මගියා ආර­ක්ෂක නිල­ධා­රීන්ට භාර දී ඇති අතර, ඔහු මාන­සික වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.