මෙවර අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මස 29 වැනිදා පැවැත්වෙන එරට මහමැතිවරණයට 685 දෙනකු ඉදිරිපත් වී සිටින අතර, අපේක්ෂිකාවන් 247 දෙනකු ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය පසුගිය 2020 මහමැතිවරණයට වඩා 53% ක වර්ධනයක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අයර්ලන්ත මහමැතිවරණයට වාර්තාගත අපේක්ෂිකාවන් ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ කාන්තා හා පිරිමි අපේක්ෂකත්වය සම සේ බෙදා දීමට දේශපාලන පක්ෂ ගනු ලැබූ තීරණය හේතුවෙන් බව වාර්තා වේ. එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට අසමත් වන දේශපාලන පක්ෂ සඳහා ලබාදෙන රජයේ අරමුදල් 50% කින් කපා හැරීමට තීරණය වී ඇතැයි ද වාර්තා වේ.