ජන ගඟ එක මිටට එක මතයක ඉඳලා
කුණුරොඩු කසිකබල් සැම එළියට ඇදලා
දුන් ජනමතය රන් පඬුරක් සේ රැකලා
පුනරුද යුගයකට කැප වෙමු අද ඉඳලා
රත්නසිරි පතිරණ
රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ රජයට සුබ පතමින්
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීම මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව චාම් හා අභිමානවත් ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකිරීමේ අවස්ථාව වෙනුවෙන් ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි කිසිවක් ඇතුළත් නොවීම විශේෂත්වයකි.
ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරවරු 11.20ට පමණ පැමිණි අතර රථයේ දොර තමන් විසින්ම විවෘත කර ගනිමින් ඉතා සරලව සිනා මුසු මුහුණින් සිදු කරන ලදි. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර අභිනව කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා හා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීම සිදුවිය.

ඉන්පසුව පැලඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙරවරු 11.25ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පැමිණියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සහ වේත්‍රධාරි කුෂාන් ජයරත්න, නියෝජ්‍ය වේත්‍රධාරි අචින්ත කුරේ මහත්වරු සමඟ සභා ගර්භයට පිවිසි අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආචාර කරමින් පැමිණි ජනාධිපතිවරයා මුලසුනේ අසුන් ගත්තේය.
ඉන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පැමිණි සියලු ආරාධිතයන් පෙරවරු 11.00 පමණ වන විට ආරාධිත අමුත්තන්ට වෙන් කර ඇති ආසනවල අසුන්ගෙන සිටි අතර ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන් දීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.
සැහැල්ලුවෙන් සහ චතුර ලෙස මෙන්ම සභාවේ කිසිම බාධාවකින් තොරව ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් සංවිධාන කර තිබූ තේ පැන් සංග්‍රහයටද සහභාගි විය. පැමිණි සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සුහදව කතා බහ කළ ජනාධිපතිවරයාට සියලු දෙනාම පාහේ සුබ පැතුම් පිරි නැමූ අතර දෙස් විදෙස් නියෝජිතයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා සමඟම සුහද කතා බහක නිරත වන අයුරු ද දක්නට ලැබිණ.
තඹ දොර සහ රිදී දොර අතරේදී සභානායක විසින් ජනාධිපතිවරයා පිළිගත් මොහොත

අගමැතිනියගේ පැමිණීම
විපක්ෂ නායකවරයා කථානායකට සුබ පතමින්
අමාත්‍ය විජිත හේරත් කථානායකවරයාගේ නම ස්ථීර කරමින්
පැමිණි පිරිස සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහක

ජනාධිපතිවරයා සභාගැබට ඇතුළු වෙමින් මැති ඇමැතිවරුන්ට ආචාර කළ අවස්ථාව
දසවෙනි පාර්ලිමේන්තුවේ දුර රූපයක්
මංගල සභාවාරය නැරඹීමට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නිලධාරීන්
