ශ්‍රී ලාංකි­ක­යන්ගේ බිඳ­වැ­ටුණු ජීවිත ගොඩ­ගන්න අපට එකතු වෙලා පුළු­වන්-බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ­නැ­ඟීම ප්‍රධාන අර­මුණ බව බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (19) කොළඹ-07, ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පාල මාවතේ පිහිටි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශ­යේදී සිය රාජ­කාරි ආරම්භ කර­මිනි. මේ අව­ස්ථා­වේදී මහා සංඝ­ර­ත්නය, ක්‍රිස්ති­යානි, හින්දු, මුස්ලිම් ආග­මික නාය­කයෝ ආග­මා­නු­කූ­ලව ඇමැ­ති­ව­ර­යාට ආශි­ර්වාද කළහ.

අපේ කණ්ඩා­ය­මට තිබෙන්නේ විශාල කැප­කි­රීම් කර පැළ කරපු සිහි­න­යක් යැයිද ඇමැ­ති­ව­රයා එහිදී ප්‍රකාශ කළේය. වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

ජය­ති­ලක කම්මැ­ල්ල­වී­ර­යන් ප්‍රමුඛ විද්ව­තුන්, කලා­ක­රු­වන් විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වෙනවා. මේ අමා­ත්‍යාං­ශය මේ රටේ වටි­නාම, ප්‍රබ­ලම අමා­ත්‍යාං­ශ­යක්. රටේ ආර්ථි­කය විනාශ වෙලා, පළු­දු­වෙලා, බිඳ­වැ­ටිලා තිබෙන බව තමයි අපට අහන්න ලැබෙන්නේ. ආර්ථි­කය නඟා සිටු­වී­මට අපේ රජය කට­යුතු කර­නවා. අපේ සංස්කෘ­තික ජීවි­තය, භාව­මය ජීවි­තය, අධ්‍යා­ත්මික ජීවි­තය බෙහෙ­වින් පළුදු වෙලා තිබෙ­නවා. එම විෂය පථය මේ අමා­ත්‍යාං­ශ­යට කේන්ද්‍ර ගත­වෙලා තිබෙ­නවා. මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජා­ව­ගේම සංස්කෘ­තික ජීවි­තය, උදාර සංස්කෘ­තික ජීවි­ත­යක් දක්වා ඔසවා තබන්න අපට හැකි­වේවි කියා ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා. බිඳ­වැ­ටුණු මානව ජීවි­තය, මානව ධර්මතා සියල්ල ගොඩ­නඟා ගැනී­මට පුළු­වන් වේවි. ආර්ථි­කය විත­රක් ගොඩ­න­ඟා­ගෙන පලක් නැහැ කියා තමයි මට හිතෙන්නේ යැයිද පැව­සීය.

එම කාර්ය­යට ජන­තා­වගේ විශාල සහ­යෝ­ග­යක් අවශ්‍ය වෙනවා. අපේ අමා­ත්‍යාං­ශ­යට විශාල විෂය පථ­යක් තිබෙ­නවා. සංස්කෘ­තික ක්ෂේත්‍රය පිළි­බ­ඳව මෙතැන සිටින ජ්‍යෙෂ්ඨ කලා­ක­රු­වන් දන්නවා. මේ පිළි­බ­ඳව මෙරට තිබූ බර තැබීම කෙබඳු එකක්ද කියා. ඒ බර තැබීම සම­හ­ර­විට ඛේද­වා­ච­ක­යක් දක්වා දුර්වල වූ එකක්. මේ තත්ත්වය ලංකාවේ වර්ත­මාන මානව ජීවි­තයේ තිබෙන තත්ත්වය උදා­වෙන්න බල­පාන්න පුළු­වන්. ඒ නිසා සමස්ත වග­කී­මක් අප හැමෝ­ටම තිබෙ­නවා. මම ඒ වග­කීම භාර­ගෙන ක්‍රියා කරන්න කට­යුතු කර­නවා.

අපට තිබෙන්නේ විශාල කැප­කි­රීම් කර පැළ කරපු සිහි­න­යක්. අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් නාලිකා ගුණ­රත්න මහ­ත්මිය ඇතුළු නිල­ධා­රීහු රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.