පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අමාත්‍යාංශයේ සොබාදම් පියසේදී පෙරේදා (19) වැඩ භාර ගත්තේය. ඒ මහතා මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ඉදිරිපත් විය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදරා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලැබූ ඒ මහතා කලක් රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය.
අනතුරුව වෛද්‍ය වෘත්තියට සමු දී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනව දේශපාලනය කටයුතුවල නිරත විය. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ද නියෝජනය කරන ඒ මහතා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයකු මෙන්ම කෑගල්ල සංවිධායකවරයා ද වෙයි.
අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.