නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති කිරී­මට කට­යුතු කර­නවා-රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න

අභි­න­ව­යෙන් පත් වූ රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න මහතා ඊයේ (19) ටොරි­න්ටන්හි පිහිටි රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය.

නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති­වූවා සේම රටේ දියු­ණුව සඳහා වැඩ කිරීමේ නව සංස්කෘ­ති­යක් ඇති විය යුතු බව ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න මහතා මෙහිදී අමා­ත්‍යාංශ නිල­ධා­රින්ට කියා සිටි­යේය.

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­යකු වන චන්දන අබේ­රත්න මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉති­හාස අධ්‍ය­යන අංශයේ මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස ද කට­යුතු කර ඇත.

මෙම අව­ස්ථා­වට රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩ­ලික නිල­ධා­රින් රැසක් එක්ව සිටි­යහ.