10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා වාරය අද (21) පෙර­වරු 10.00ට උත්ස­වා­කා­ර­යෙන් ආරම්භ කෙරේ. පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම සභා වාරය ආරම්භ කිරීම සඳහා පෙර­වරු 9.55ට ගණ­පූර්ණ සීනුව නාද කිරී­මෙන් අන­තු­රුව පෙර­වරු 10.00ට පාර්ලි­මේ­න්තුව රැස්වේ.

වේත්‍ර­ධාරි කුෂාන් ජය­රත්න මහතා විසින් සෙංකෝ­ලය සභා ගර්භයේ තැන්පත් කිරී­මෙන් පසුව පාර්ලි­මේ­න්තුව රැස් වන දිනය හා වෙලාව නියම කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිකුත් කරන ලද අති­වි­ශේෂ ගැසට් නිවේ­දන පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂාණි රෝහ­ණ­ධීර මහ­ත්මිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභා­වට ඉදි­රි­පත් කිරීම සිදු කෙරේ.

ඉන්ප­සුව කථා­නා­ය­ක­ව­රයා තෝරා­ගැ­නීම සිදු වන අතර, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 64 (1) ව්‍යව­ස්ථාව සහ පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6හි විධි­වි­ධාන ප්‍රකා­රව අනු­පි­ළි­වෙ­ළින් කථා­නා­ය­ක­ව­රයා තෝරා පත්කර ගැනීම, කථා­නා­යක නිල ප්‍රති­ඥාව හෝ දිවු­රුම ලබා­දීම, මන්ත්‍රී­ව­ර­යන් විසින් නිල ප්‍රති­ඥාව හෝ දිවු­රුම ලබා­දීම, නියෝජ්‍ය කථා­නා­යක සහ නියෝජ්‍ය කාරක සභා සභා­ප­ති­ව­රයා තෝරා­පත් කර ගැනීම සිදු කිරී­මට නිය­මි­තය.

දස­වන පාර්ලි­මේ­න්තුව ආරම්භ වන ප්‍රථම දිනය වන අද (21) මන්ත්‍රී­ව­රුන්ට ආසන පැන­වීමේ පිළි­වෙ­ළක් නැති අතර කැමති ආස­න­යක අසුන් ගැනීමේ අව­ස්ථාව ලැබීම විශේ­ෂ­ත්ව­යකි.

මෙම මූලික කට­යුතු අව­සා­නයේ පාර්ලි­මේ­න්තුව තාව­කා­ලි­කව අත්හි­ටු­වීම සිදු වන අතර, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 32 (4) සහ 33 ව්‍යව­ස්ථා­වල විධි­වි­ධාන ප්‍රකා­රව පෙර­වරු 11.30ට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සභාවේ මුල­සුනේ සිට ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

දස­වැනි පාර්ලි­මේ­න්තුවේ සමා­ර­ම්භක රැස්වී­මට සහ­භාගි වීම සඳහා, පෙර­වරු 9.00 පමණ වන විට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යට පැමි­ණෙන ලෙස සියලු මන්ත්‍රී­ව­රුන්ට පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂාණි රෝහ­ණ­ධීර මහ­ත්මිය දැනුම් දී ඇත.

පාර්ලි­මේ­න්තුව කරා පැමි­ණී­මෙන් පසු මන්ත්‍රී­ව­රුන්ගේ රථ පොලිස් නිල­ධා­රින් විසින් නිය­මිත රථ­ගා­ලට යොමු කරන බවත් ඉන්ප­සුව පාර්ලි­මේ­න්තුවේ ප්‍රවේශ ශාලා­වට පැමිණ ගණ­පූර්ණ සීනුව නාද කරන තෙක් මන්ත්‍රී­ව­රුන් එහි රැඳී සිටි යුතු වේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සිය කාල­ත්‍රයා සමඟ පැමි­ණෙන්නේ නම්, පාර්ලි­මේ­න්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අබි­ය­සදී සිය රථ­වා­හ­න­ව­ලින් බැසිය යුතු බවත් අනෙ­කුත් සියලු මන්ත්‍රී­ව­රුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අබි­ය­සදී සිය රථ­ව­ලින් බැසිය යුතු බව­ටත් මන්ත්‍රී­ව­රුන්ට දැනුම් දී ඇත.

දස වැනි පාර්ලි­මේ­න්තුවේ සමා­ර­ම්භ­යෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් සිය ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය සිදු කිරී­මට නිය­මිත බැවින් පාර්ලි­මේ­න්තු­වෙහි විශේෂ ආර­ක්ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියා­ත්මක කර ඇත.