ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ‘මතක’ ව්‍යාපෘ­තිය එළි­ද­ක්ව­මින්..

ශ්‍රී ලන්කන් ගුවන් සේව­යෙන් භාවි­ත­යෙන් ඉවත් කරන දෑ වෙනත් අර­මුණු සඳහා යොදා ගැනීමේ මතක ව්‍යාපෘ­තිය එළි­දැ­ක්වීම පසු­ගිය දින­වල සින­මන් ලයිෆ් හිදී පැවැ­ත්විණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිල ගුවන් සේවා සහ­කරු ලෙස කට­යුතු කළ මේ වැඩ­ස­ට­හන 2021දී ආරම්භ විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ‘මතක’ සන්නා­මය හඳුන්වා දෙන ලද්දේ එම ගුවන් සේවය විසින් භාවිත කර ඉවත් කරන ලද භාණ්ඩ යොදා­ගෙන, වෙනත් අර­මුණු සඳහා භාවි­ත­යට ගත හැකි ජීවන රටා සහ විලා­සි­තා­මය නිෂ්පා­දන එක­තු­වක් හඳු­න්වා­දීමේ අර­මු­ණිනි.

මෙය දකුණු ආසි­යානු කලා­පයේ වඩාත්ම තිර­සර ගුවන් සේවය බවට පත්වී­මට ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන උත්සා­හයේ තවත් වැද­ගත් පිය­ව­රක් ලෙස හැඳි­න්විය හැකිවේ. මේ ව්‍යාපෘ­ති­යට ගුවන් සේව­යෙන් ඉවත් කරන තවත් භාණ්ඩ වර්ග කිහි­ප­යක් ද එක් කෙරිණි. ලොව පුරා බොහෝ සමා­ග­ම්ව­ලට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේව­යට ද තමන් භාවි­ත­යෙන් ඉවත් කරන දේවල් බැහැර කිරී­මට ඇති හොඳම ක්‍රම­වේ­දය කුමක්ද යන ගැට­ලුව මතුවී තිබිණි.

ගුවන් සේව­යක් විසින් භාවි­ත­යෙන් ඉවත් කරන භාණ්ඩ යනු ආසන ආව­රණ, බ්ලැන්කට්, තිර රෙදි, නිල ඇඳුම් සහ භාණ්ඩ රඳ­වන දැව­මය පැලට් ආදි­යයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ‘මතක’ ව්‍යාපෘ­තිය ආරම්භ කරන ලද්දේ මේ ගැට­ලු­වට පිළි­ය­මක් වශ­යෙනි.

මෙම­ඟින් ගුව­න්යානා තුළ භාවිත කර ඉවත දමන දේවල් අලුත්ම පාරි­භෝ­ගික භාණ්ඩ බවට පරි­ව­ර්ත­නය කරයි. ඒ අනුව‘මතක’ ව්‍යාපෘ­තිය යනු පරි­සර හිත­කා­මී­ත්වය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු දැක්ම නව මාන­ය­කට රැගෙන යමින් ගුවන් මගීන්ගේ මත­ක­වල ශේෂ­යන් සුවි­ශේෂී නිෂ්පා­දන බවට පත්ක­රන පුරෝ­ගාමී ව්‍යාපෘ­ති­යක් ලෙස හැඳි­න්විය හැකිය.

නව­තම ‘මතක’ නිපැ­යුම් එක­තු­වට ට්‍රැව­ල්බෑග්, ටෝට් බෑග්,‘පෙග්ඩෝල්’ වර්ගයේ බෝනි­ක්කන්, ටේබ­ල්ර­නර් සහ ටේබ­ල්මැට් ඇතුළු නිෂ්පා­දන රාශි­යක් ඇතු­ළත් වේ. එමෙන්ම මෙහි තවත් විශේ­ෂ­ත්ව­යක් වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ‘මතක’ ව්‍යාපෘ­තිය වෙනු­වෙන් ප්‍රථ­ම­ව­රට තිර­ස­රත්ව ව්‍යව­සා­යි­කා­වන් තිදෙ­නකු සමඟ අත්වැල් බැඳ­ගැ­නී­මයි.

ලොනාලි රුද්‍රිගු (House of Lonali), රූත් වීර­සිංහ (SO4) සහ ශාමින් අබි­ඩීන්ගේ(Pom’s Island) යන ව්‍යව­සා­යි­කා­වන් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙලෙස අත්වැල් බැඳ­ගෙන සිටී. මීට අම­ත­රව ‘මතක’ ව්‍යාපෘ­තිය, ආර්ථික වශ­යෙන් දුෂ්ක­ර­තා­ව­ලට මුහු­ණදී සිටින කාන්තා­වන් පිරි­ස­කට ප්‍රති­ලාභ සල­සන වැඩ­ස­ට­හ­නක් බවට ද පත්වී ඇත. ‘මතක’ එක­තුව අත­රින් ඇතැම් නිපැ­යුම් නිප­ද­වන්නේ එබඳු කාන්තා­වන් විසි­න්වීම ඊට හේතු­වයි.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි රිචර්ඩ් නටාල් මහතා මෙලෙස කීවේය.

“අතී­තයේ පටන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය පරි­ස­රයේ යහ­පත වෙනු­වෙන් කැපවී කට­යුතු කර තිබෙ­නවා. එහි නව­තම පිය­වර වන ‘මතක’ එක­තුව නිර්මා­ණය කිරී­මට අප මෙන්ම තිර­ස­ර­ත්වය වෙනු­වෙන් කැපවී සිටින මේ විශිෂ්ට ව්‍යව­සා­යි­කා­වන් සමඟ අත්වැල් බැඳ­ගැ­නී­මට හැකි­වීම මහත් සතු­ටක්. ‘Sri Lanka Design Festival’ හිදී ‘මතක’ එක­තුව පිළි­බ­ඳව උනන්දු වූ සිය­ලුම දෙනාට අපගේ ස්තුතිය හිමි වෙනවා. මෙවැනි පරි­සර හිත­කාමී වැඩ­ස­ට­හන් අඛ­ණ්ඩව ක්‍රියා­වට නැංවී­මට අපට හැකිවී ඇත්තේ ඔවුන්ගේ ඒ උන­න්දුව නිසයි. මේ නිෂ්පා­දන එක­තුව ඉක්ම­නින් වෙළෙ­ඳ­පො­ළට හඳු­න්වා­දී­මට අප බලා­පො­රොත්තු වෙනවා.”

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලෙ­වි­ක­රණ, පාරි­ස­රික කට­යුතු හා තිර­ස­රත්ව ප්‍රධානී සමින්ද පෙරේරා

“වර්ත­මාන ලෝකයේ වැඩි වැඩි­යෙන් තිර­සර ක්‍රම­වේද වෙත යොමු­වීම අත්‍ය­ව­ශ්‍යයි. මෙවැනි පසු­බි­මක් තුළ ‘මතක’ ව්‍යාපෘ­තියේ මීළඟ අදි­යර හඳු­න්වා­දී­මට හැකි­වීම මහත් සතු­ටක්. අපගේ තිර­සර ඉලක්ක සමඟ මැන­වින් සම­ගාමී වන මේ ව්‍යාපෘ­තිය නවෝ­ත්පා­ද­නය, කාන්තා ව්‍යව­සා­ය­ක­ත්වය සහ ප්‍රජාව මූලික කර ගත් ව්‍යාපාර ඔස්සේ සමා­ජයේ යහ­පත වෙනු­වෙන් අර්ථ­වත් දාය­ක­ත්ව­යක් දීමට සුවි­ශේෂී අව­ස්ථා­වක් උදා කර දෙනවා. එමෙන්ම තිර­ස­ර­ත්වය යනු පොදු වග­කී­මක්. සමා­ගම් වශ­යෙන් මෙන්ම ගෝලීය පුර­වැ­සි­යන් වශ­යෙන් සැවොම එම වග­කී­මට සාඩ­ම්බ­ර­යෙන් උර­දිය යුතු බව අපට සිහි­පත් කර­ව­නවා.”

Sri Lanka Design Festival හිදී ‘මතක’ නිපැ­යුම් එක­තු­වට අම­ත­රව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තවත් තිර­ස­රත්ව වැඩ­ස­ට­හන් කිහි­ප­යක් ද ඉදි­රි­පත් කරන ලදි. මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පැලට් දැව ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කිරීම සහ එම දැව භාවි­ත­යෙන් වෙනත් නිෂ්පා­දන නිප­ද­වීම සම්බන්ධ වැඩ­මු­ළු­වක් ද සංවි­ධාන කර තිබූ අතර, එය මෙහෙ­ය­වන ලද්දේ Pom’s Island හි නිර්මාතෘ ශාමින් අබි­ඩීන් විසිනි.