වෘත්තීය සමි­ති­ සඳහා සාමා­ජික මුදල් කපන්න එපා-වතු කම්ක­රුවෝ පාල­නා­ධි­කා­රි­යෙන් ඉල්ලති

වතු කම්ක­රු­ව­න්ගෙන් වෘත්තීය සමිති සඳහා මාසි­කව අය කරනු ලබන සාමා­ජික මුදල් 2024 දෙසැ­ම්බර් මස සිට අය නොක­රන ලෙසට වතු වෘත්තීය සමිති කිහි­ප­යක සාමා­ජි­ක­යන් විසින් වතු පාලන අධි­කා­රි­යෙන් ඉල්ලී­මක් කර ඇත.

මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලැබූ වතු­ක­රයේ වෘත්තීය නාය­ක­යන් බලයේ රැඳී සිටි කාල­යේ­දීත් තමන්ට කිසිදු සුබ­සා­ධ­න­යක් සිදු නොකළ බවත් ඒ අනුව මාසි­කව රු. 250 – 330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තීය සමි­ති­ව­ලට අය කරන සාමා­ජික මුදල නතර කරන ලෙසට වතු කම්ක­රු­වන් වතු පාලන අධි­කා­රි­යෙන් ඉල්ලා තිබේ. මාස හය­කට වරක් වතු වෘත්තීය සමිති විසින් වතු කම්ක­රු­වන් සාමා­ජි­ක­යන් ලෙස බඳවා ගන්නා බවත් 2025 වසරේ මුල් මාස හය සඳහා සාමා­ජි­ක­යන් බඳවා ගැනීම සඳහා එම වෘත්තීය සමිති විසින් ලබා­දෙන අය­දු­ම්පත් ලබා නොගැ­නී­මට වතු­ක­ම්ක­රු­වන් විශාල පිරි­සක් මේ වන විට තීර­ණය කර ඇත. වතු කම්ක­රු­වන් මාසි­කව වෘත්තිය සමිති වෙත ගෙවනු ලබන සාමා­ජික මුද­ල්වල සවි­ස්තර වාර්තා­වක් ද එම වෘත්තීය සමිති මඟින් තමන් වෙත ලබා නොදෙන බව වතු කම්ක­රුවෝ පව­සති.